උතුරු නැගෙනහි පුරාවිද්‍යා වටිනාකමක් සහිත ඓතිහාසික ඉඩම් සම්බන්ධයෙන් ජාතිවාදී දෙමළ ජාතික සන්ධානයේ අදහස් මත කිසිදු විමසීමකින් තොරව ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන අත්තනෝමතික වැඩපිළිවෙළට එරෙහිවන ලෙස ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය වෙනුවෙන් මහාචාර්ය මැදගොඩ අබයතිස්ස හිමියෝ අද මල්වතු අස්ගිරි මහා නායකහිමිවරු බැහැදැක ලිඛිත ඉල්ලීමක් කර සිටියහ.
ජනාධිපති රනිල්වික්‍රමසිංහ යනු ජනවරමක් නැති ජනාධිපතිවරයෙක් බවත්, එවැනි ජනාධිපතිවරයෙකුට රටේ උරුමයට සම්බන්ධව මෙවැනි තීන්දු ගැනීමේ සදාචාරාත්මක අයිතියක් නැති බවත් අබයතිස්ස හිමියෝ මහා නායක හිමිවරුන් හමුවේ කීහ.
සිය ධූරය අත්හැර ගියත් මිනිසුන් විශාල ජනවරමක් සහිතව බලයට ගෙනා ගෝඨාභය රාජපක්ෂට තමන් නීති රීති සම්පාදනය කර රැක ගත් උතුරු නැගෙනහිර ඓතිහාසික ඉඩම් මේ ආකාරයෙන් බෙදා දීමට එරෙහිවීමේ වගකීමක් තියන බවද පෙන්වා දුන් අබයතිස්ස හිමියෝ පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කර තම අභිමතය පරිදි ක්‍රියාකාරීමට ජනාධිපතිවරයාට තව දුරටත් ඉඩ නොදී මෙම ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වන ලෙස මහානායක හිමිවරුන්ගේ ඉල්ලූහ.







