බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටයිල් ආනයන තහනම නිසා ලක්ෂයකට අධික පිරිසකට රැකියා අවදානමක්

by Lankasara Editor English
මාර්තු 24, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ටයිල් ආනයන තහනම හේතුවෙන් එම ක්ෂේත්‍රයේ මෙන්ම එතුළින් බිහි වී ඇති සෘජු සහ වක්‍ර රැකියාවල නියැලී සිටින පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසකගේ රැකියා අහිමිවීමේ අවධානමක් මතු වී ඇතැයි විපක්ෂ නායක ,සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

එමෙන්ම ටයිල් ආනයන තහනම හේතුවෙන් ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, ටයිල් ඇතිරීමේ නියුතු පෙදරේරුවන් සහ, එම ක්ෂේත්‍රයේ දෛනික වැටුප් උපයන බොහෝ දෙනෙකුගේ රැකියා අහිමිවීමේ අවධානමක් ද පවතින බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

ස්ථාවර නියෝග 27(2) යටතේ අද ප්‍රශ්න කරමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.

ගරු කථානායකතුමනි,
මෙරට නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තයේ අත්‍යාවශ්‍යම යෙදවුමක් වන ටයිල් (Tiles), මෙරටට ආනයනය කිරීම මේ වන විට වසරකට අධික කාලයක් තිස්සේ තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. විදේශ විනිමය පිටරටට ගලායාම මගින් ජාතික ආර්ථිකය සහ දේශීය විනිමය මත ඇති කරනු ලබන පීඩනය අවම කිරීමේ අරමුණින් සහ, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීමේ අරමුණින් රජය විසින් මේ තීරණය ගෙන ඇති බව වාර්තා වෙනවා. මේ නිසා දිවයිනේ ටයිල් ආනයන ක්ෂේත්‍රයේ නියුතු 300 කට අධික ටයිල් ආනයනකරුවන්, අලෙවි නියෝජිතයන්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියැලෙන්නන් මෙන්ම, තමන්ටම නිවසක් ඉදිකර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන විශාල පිරිසක් දැඩි අපහසුතාවයන්ට ලක් වී තිබෙනවා.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසක්, ටයිල් ආනයන ක්ෂේත්‍රයේ සහ එතුළින් බිහි වී ඇති සෘජු සහ වක්‍ර රැකියාවල නියැලී සිටිනවා. ටයිල් ආනයන තහනම හේතුවෙන් ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන්, ටයිල් ඇතිරීමේ නියුතු පෙදරේරුවන් සහ, එම ක්ෂේත්‍රයේ දෛනික වැටුප් උපයන බොහෝ දෙනෙකුගේ රැකියා අහිමිවීමේ අවධානමක් මතු වී තිබෙනවා.

ගරු කථානායකතුමනි,
එසේම ගබඩා හා භාණ්ඩ ප්‍රවාහනය, නිෂ්කාශණ කටයුතු සිදු කරනු ලබන ආයතන වැනි ටයිල් ආනයන ක්ෂේත්‍රය හා බැඳි කර්මාන්තයන් රැසකට ද ටයිල් ආනයන තහනම තුළින් අහිතකර බලපෑම් ඇති කර තිබෙනවා.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයට 6% කටත් වැඩි දායකත්වයක් සපයන ඉදිකිරීම් කර්මාන්තය හා එම සේවාවන් කෙරෙහි ද මෙම ටයිල් ආනයන තහනම අහිතකර ලෙස බලපා තිබෙනවා. දේශීයව නිෂ්පාදිත ටයිල් ප්‍රමාණවත් නොවීම සහ, ආදේශක ද්‍රව්‍ය යොදාගැනීම ද සාර්ථක නොවන නිසා බොහෝ ඉදිකිරීම් අතරමග ඇනහිට තිබෙනවා.

ට‍යිල් ආනයන තහනමට පෙර වාර්ෂිකව රුපියල් බිලියන 12 කට අධික වටිනාකමකින් යුත් ටයිල් මෙරටට ගෙන්වනු ලැබූ අතර, 100%ක බදු ප්‍රතිශතයක් ගෙවමින් වාර්ෂිකව රුපියල් බිලියන 12ක බදු ආදායමක් රජයට ලබා දී තිබෙනවා. මෙරට නිෂ්පාදනය කරන ටයිල් ප්‍රමාණය ඉදිකිරීම් කර්මාන්තය මගින් ඇතිකරවන ඉල්ලුමෙන් 45%ක් පමණ වන අතර, මෙරට නිෂ්පාදනය මගින් කෙටිකාලීනව ඉල්ලුම සපුරාලීම ද නොහැකි වෙනවා.

ගරු කථානායකතුමනි,

මීට අමතරව දේශීය ටයිල් නිෂ්පාදන සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය අතරින් 55% ක් පමණම ආනයනිත අමුද්‍රව්‍ය වනවා. එනම් දේශීයව නිෂ්පාදනය කරනු ලබන ටයිල් වෙනුවෙන් ද විදේශ විනිමය වැයවීමක් සිදුවෙනවා.

එසේම විවිධ ඉදිකිරීම් ක්ෂේත්‍රයන් සඳහා අවශ්‍ය උසස් ප්‍රමිතියෙන් යුත් හා, විවිධ මෝස්තරයන්ගෙන් යුත් ටයිල් වර්ග සපයා ගැනීමට රජයේ ආනයන සීමා කිරීමේ තීරණය නිසා නොහැකි වී තිබෙනවා. මේ හේතූන් නිසා දේශීය වෙළඳපොලෙහි ටයිල් පිළිබඳ ඒකාධිකාරී තත්ත්වයක් ඇති වෙමින් පවතින අතර, ඉතිහාසයේ නොවූ විරූ ලෙස ටයිල් මිළ ඉහළ ගොස් තිබෙනවා.

දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමටත්, සාමාන්‍ය ජනතාවට නිවාස ඉදිකර ගැනීමට අවශ්‍ය මූලිකාංගයක් ලෙසත්, ටයිල් නිෂ්පාදන සාධාරණ මිලකට ලබා ගැනීමට නොහැකි වීම තුළින් බරපතල ගැටලු රාශියක් නිර්මාණය වී තිබෙනවා.

මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

1) මෙම ආනයන තහනම නිසා රට තුළ ටයිල් හිඟයක් ඇති වී ඇති බව රජය පිළිගන්නේ ද? එමගින් රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රය, නිවාස ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් පසුවන සාමාන්‍ය ජනතාව මෙන්ම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු පිරිස් පීඩාවට පත්ව ඇති බව රජය පිළිගන්නේ ද? එසේනම් එම තත්ත්වය මඟ හැරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

2) ටයිල් ආනයනය තහනම් කිරීමට පෙර රට තුළ ඇතිවිය හැකි ටයිල් හිඟය මඟහරවා ගැනීමට දේශීය ටයිල් නිෂ්පාදන නඟා සිටුවීම සඳහා රජය යම් නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මත කර තිබේද? එසේනම් ඒ කුමක්ද?

3) ටයිල් ආනයනය තහනම් කිරීම මගින් ඉතිරි කර ගැනීමට අපේක්ෂා කරනු ලබන විදේශ විනිමය ප්‍රමාණය කොපමණද? දේශීය ටයිල් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයන සඳහා වැය වන විදේශ විනිමය ප්‍රමාණය කොපමණද? ඒ අනුව ටයිල් ආනයන තහනම මගින් සැබැවින්ම ඉතිරි කරගැනීමට හැකි වන විදේශ විනිමය ප්‍රමාණය (real forex saving) කොපමණ ද?

4) ටයිල් ආනයන තහනම මගින් රජයට අහිමි වන බදු ආදායම කොපමණද? එම අහිමි වන බදු ආදායම උපයා ගැනීම සඳහා වෙනත් විකල්පයන් රජය සතු වේද? එසේ නම් ඒ මොනවාද?

5) ආනයන තහනම පැනවීමට පෙර රටේ පැවති සාමාන්‍ය ටයිල් මිලට වඩා ආනයන තහනමින් පසුව ටයිල් මිලේ වැඩි වීමේ ප්‍රතිශතය කොපමණද? ආනයන තහනම හේතුකොට ගෙන මෙලෙස ටයිල් මිල ගණන් අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇති බව රජය පිළිගන්නේ ද? නිසි අධ්‍යයනයකින් තොරව හදිසි තීරණ ගැනීම මගින් රටේ ජනතාව අපහසුතාවයට පත්කිරීම සම්බන්ධයෙන් රජය වගකීම භාරගන්නේ ද? එසේනම් එම තත්ත්වය නිවැරදි කිරීමට රජය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

6) පසුගිය වසර 5 සැලකීමේදී ටයිල් නිෂ්පාදන සඳහා රට තුළ වාර්ෂික ඉල්ලුම කොපමණද? වර්තමානයේ වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන දේශීය ටයිල් ප්‍රමාණය කොපමණද? දේශීයව ටයිල් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයින් සංඛ්‍යාව කොපමණද? එම නිෂ්පාදකයින්ගේ නම් ලැයිස්තුවක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද? එම නිෂ්පාදන තුළින් රටේ ටයිල් ඉල්ලුම සපුරාලිය හැකි යැයි රජය සිතන්නේ ද?

7) රජය විසින් ටයිල් සඳහා පනවා ඇති මෙම ආනයන තහනම ඉදිරියේ දී ඉවත් කිරීමට කටයුතු කරනු ලබන්නේ ද? ආනයනය කරනු ලබන ප්‍රමාණය මත යම්කිසි කොන්දේසි පනවා සහ, පැවති 100% බදු පදනම මතම ටයිල් ආනයන සීමා ලිහිල් කිරීමට රජය අවධානය යොමු කරන්නේ ද? එසේනම් ඒ සඳහා නිශ්චිත කාලවකවානුවක් ඉදිරිපත් කල හැකිද? නොඑසේනම්, දීර්ඝකාලීනව ටයිල් ආනයනය තහනම් කිරීමට රජය බලාපොරොත්තු වන්නේ ද? එසේ නම් ඒ සඳහා වන වැඩපිළිවෙල මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?

Tags: නවතම
Share69Tweet43
Previous Post

උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

Next Post

මානව හිමිකම් යෝජනාවලිය සම්මතයි… දැන් අපට මොකද වෙන්නේ….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.