මේවන විට වැලිකඩ බන්ධනාගාර ගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බවන්ධනාගාරයේ සිට ලියන ලද බවට හගවමින් වෙබ් අඩවියක පළ කර ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක පවසයි.
අදාළ ලිපිය මගින් දන්වා ඇත්තේ බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වු ජොන්ස්ටන් ප්‍රනාන්දු නැමැති සැකකරු විසින් ලිපියක් නිකුත්කර ඇති බවයි.
නමුත් බන්ධනාගාරයක් තුළ සිටින සැකකරුවෙකු හෝ සිරකරුවෙකුගේ යම් කිසි ලිපියක් පිටතට යන්නේ නම් එය අදාල බන්ධනාගාර අධිකාරීවරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ බන්ධනාගාර නීති රීතිවලට යටත්ව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමාගේ අනුමැතිය අනුව සිදු කළ මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දෙයි.
එසේම මෙම ලිපිය පලවීම පිලිබඳ තමන් කිසිවක් නොදන්නා බව ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිතව දන්වා ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.







