අද (29) උදෑසන 06.30 මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ආසනයක් යට තිබී මැගසිනයක් සහිත පතොරොම් බෑගයක් හමුවී තිබේ.
මරදාන සිට බෙලිඅත්තට ධාවනය කළ දුම්රිය ගමනාන්තයෙන් පසු බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නවත්වා තබා නැවත බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය කිරීමට නියමිතව තිබෙද්දී සාමාන්‍ය පරිදි එම දුම්රිය පරික්ෂා කිරීම් සිදුකරන විට දී එහි එක් මැදිරියක ආසනයක් යට කළු පැහැති බෑගයක තිබී මෙම පතොරොම් තොගය හමුවී ඇත.
ඒ සම්බන්ධයෙන් බෙලිඅත්ත ප්‍රධාන දුම්රිය ස්ථානාධිපති දැනුවත් කොට පරික්ෂා කිරීමේදී එහි තිබී තුවක්කුවක මැගසිනයක් හා තවත් පතුරොම් දැමු කොටසක් හමුවී තිබේ.
මේ සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලීසිය දැනුවත් කොට ඇති අතර දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දී පොලිස් නිල සුනඛයන් යොදා දැඩි පරික්ෂා කිරීමකට ලක් කෙරනි.
බෙලිඅත්ත සිට මහනුවර බලා ධාවනය වන දුම්රිය මේ තත්ත්වය තුළ බොහෝ වේලාවක් ප්‍රමාද වීමට නියමිතව ඇත.







