-
දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට ජනපති ආරක්ෂක ඇමති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අවරස දෙයි!
විදෙස් සංචාරකයින් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කළේ යැයි සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් අත් අඩංගුවට ගෙන ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නියෝගය පරිදි දින 90ක් රඳවා ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන සිදුකරමින් ඇතැයි පොලිසිය පවසයි.
මේ සම්බන්ධව රහස් පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කරුණු දක්වමින් අද (29) සඳහන් කළේය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු කරගෙන යෑම සඳහා අවසර ලබාදෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විශේෂ මෝසමක් ගොනු කරමින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විදෙස් ත්‍රස්ත සංවිධානයක පෙළඹවීම මත සංචාරකයින් බහුල වශයෙන් රැඳී සිටින්නේ යැයි කියන සංචාරක කලාපයක් ඉලක්ක කරගෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළ නඩුවට විශේෂ මෝසමක් ගොනු කරමින් මෙම කරුණු ඉදිරිපත් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත් අඩංගුවට ගත් සැරකරුවන් දෙදෙනෙකු රඳවා ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කරුණු දක්වමින් සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට අදාළ වැඩිදුර වාර්තාවක් ද රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළේය.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු හා විශේෂ වාර්තාව සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට දැනුම් දෙන ලෙස නියෝග කර විමර්ශන ගොනුව බහා තැබීය.







