බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජූලි 10ට පෙර දොස්තර ෂාෆිගේ සම්පූර්ණ හිඟ වැටුප් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණයේ දී එකඟ වෙයි….

by editor
ජූනි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට ගෙවිය යුතු වැටුප් සහ දීමනා මේ වසරේ ජූලි 10 වැනිදාට පෙර ගෙවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (08)අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

කාන්තාවන් වඳ භාවයට පත් කළේයැයි සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනයට තුඩු දුන් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ගොනු කළ රීට් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේ අමාත්‍යාංශය අධිකරණය වෙත මෙම ප්‍රතිඥාව ලබා දුනනේය.

ඔහුට අදාල සියලුම දිමනා සහ වැටුප් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට අනිවාර්ය නිවාඩු කාලය සඳහා ගෙවිය හැකි බව රාජ්‍ය පරිපාලන   අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අධිකරණයට දන්වා තිබුණි.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව   ඉදිරියේ පැවැත්වෙන මූලික පරීක්ෂණයට සහභාගී වීමට පෙත්සම්කරු කැමැත්ත පළ කර තිබේ.

ඒ අනුව මෙම කරුණු සැලකිල්ලට ගත් අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු ධම්මික ගනේපොල යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කරු විසින් එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට ගත් තීරණයෙන් පසු එය අවසන් කිරීමට තීරණය කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කුරුණෑගල ශික්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන නාරිවේද වෛද්‍යවරයකු වන පෙත්සම්කරු කියා සිටියේ සාධාරණ හේතුවක් නොමැතිව සහ නීත්‍යානුකූල බලයකින් තොරව තමන් අත්තනෝමතික ලෙස සහ නීති විරෝධී ලෙස තම රැකියාවෙන් අනිවාර්ය නිවාඩු යවා ඇති බවය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැන්දගමුව, කුරුණෑගල ශික්ෂණ රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.එම්.එස්.වීරබණ්ඩාර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්.මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්නගේ    නම් මෙම පෙත්සමේ වග උත්තතරකරුවන් ලෙස නම් කර තිබුණි.

පෙත්සම්කරු පැවසුවේ තමා කාන්තාවන් වඳභාවයට පත් කරන  බව කියන ද්වේෂ සහගත   සහ වාර්ගික ආරෝපණය කරන ලද ව්‍යාපාරයක ගොදුරක් බවය.

රජයේ අධිනීතිඥ මේධාකා ප්‍රනාන්දු සමඟ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන   නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියහ.

ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා, නීතිඥ පුලස්ති රූපසිංහ, හෆීල් ෆාරිස්  පෙත්සම්කරු වෙනුවෙන් සංජීව කළුආරච්චිගේ උපදෙස් මත පෙනී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි වෘත්තීය සමිති සහ ඇමති සාකච්ඡාව අසාර්ථකයි. අද රෑ 12 සිට රට තාවකාලික මරණයක…

Next Post

විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කෙරේ!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.