බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජීවිත 15ක් බිලි ගත් කොලොම්බියාවේ ගුවන් අනතුර…

ගුවන් අනතුරෙන් කොලොම්බියාවේ නීති සම්පාදක සහ නුදුරු ප්‍රාන්ත මැතිවරණයට තරගවදින කොංග්‍රස් අපේක්ෂකයෙකුත් මරුට...

by editor
ජනවාරි 29, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අද (29)  ඊසානදිග කොලොම්බියාවේ සිදු වූ   ගුවන් අනතුරකින් කොලොම්බියාවේ  නීති  සම්පාදක ඩයෝජිනීස් ක්වින්ටෙරෝ සහ  එළඹෙන මාර්තු මැතිවරණය සඳහා කොංග්‍රස් අපේක්ෂකයෙකු වන කාලෝස් සැල්සෙඩෝ  ඇතුළු යානයේ සිටි 15 දෙනාම මිය ගිය බව රජය සතු ගුවන් සේවයක් වන සැටේනා සහ ගුවන් සේවා බලධාරීහු තහවුරු කළහ.

අනතුරට පත් යානයේ මගීන් 13ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 02ක් සිටියහ.  නීති සම්පාදක ඩයෝජන්ස් ක්වින්ටෙරෝ ගේ  කණ්ඩායමේ සාමාජිකයින් ද ගුවන් වූහ.

අනතුරට ලක් වන්නේ සැටේනා ගුවන් සේවයට අයත්    බීච්ක්‍රාෆ්ට් 1900 වර්ගයේ  NSE 8849 දරන ගුවන් යානය ය. ගුවන් යානය දේශීය වේලාවෙන්  පෙ.ව. 11:42 ට පමණ කොලොම්බියාව සහ වෙනිසියුලාව අතර මායිම් කලාපයේ පිහිටි   ප්‍රධාන ජාත්‍යන්තර ගුවන් තොටුපළක්වන  කුකුටා හි කැමිලෝ ඩසා ගුවන්තොටුපලේ    සිට ගුවන් ගත වූ අතර රේඩාර් වලින් අතුරුදහන් වීමට පෙර පෙ.ව. 11:54 ට අවසන් වරට සම්බන්ධතා පවත්වා තිබේ. පස්වරු 12.05 වනවිට යානයේ සන්නිවේදන මුලුමනින්ම බිඳවැටී අතුරුදහන්ව තිබිණි.  එම අතුරුදහනවීම සිද්ධ වන්නේ යානය ඊසානදිග කොලොම්බියාවේ ඔකානා හි  “අගුවාස් ක්ලාරාස්” ගුවන්තොටුපළ වෙත ගොඩබෑමට මිනිත්තු කිහිපයකට පෙරය.

නීති  සම්පාදක ඩයෝජිනීස් ක්වින්ටෙරෝ

ගුවන් යානය අතුරුදහන් වීම අනාවරණය වූ වහාම ආරක්ෂක සහ සෝදිසි ප්‍රොටෝකෝල සක්‍රිය විය.  අනතුර සිදුවන්නේ කොලොම්බියාවේ දුර්ගයක්වන කඳුකර කැටටුම්බෝ කලාපයේ ය. යානය අතුරුදහන් වූ මෙම දුෂ්කර කඳුකර භූමි ප්‍රදේශය බිහිසුණු    කාලගුණික තත්ත්වයන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේය.

ගලවා ගැනීමේ මෙහෙයුම මේ තත්ත්වය තුල ආරම්භයේ සිට ගෙනැවිත් තිබුනේ අභියෝගයකි. ඒ සියලුම අභියෝග සහිතව  කැටටුම්බෝ කලාපය හරහා හදිසි සෝදිසි මෙහෙයුමක් ආරම්භ  වූයේය.   අතිශය අභියෝගාත්මක භූමි ප්‍රදේශයක්  හරහා මෙහෙයුම් කිරීමට ගුවනින්  සහ භූමියෙන්   සෝදිසි හා ගලවා ගැනීමේ කණ්ඩායම් බලමුළු ගැන්විනි.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

කොලොම්බියාවේ ගුවන් සේවා සහ හමුදා බලධාරීන් විසින් පුළුල් සෝදිසි කිරීමකින් පසුව ගුවන් යානයේ සුන් බුන්  සොයා ගන්නා ලදී.   රජයේ නිලධාරීන්ගෙන් විධිමත් තහවුරු කිරීමක් තවමත් අපේක්ෂා නොකළද, යානයේ සිටි කිසිවෙකු දිවි ගලවා නොගත් බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

ගුවන් යානයේ බඳ කොටසට   විශාල හානියක් සිදුවී ඇති බව පෙන්නුම් කරමින්, ගුවන් යානය අනතුරට ලක් වූ ස්ථානයේ රූප ප්‍රාදේශීය මාධ්‍ය විසින් නිකුත් කරන ලදී.

අනතුරට හේතුව හෝ අතුරුදහන් වීමට සහ පසුව අනතුරට හේතු වූ නිශ්චිත තත්වයන් පිළිබඳව බලධාරීන් තවමත් සවිස්තර තොරතුරු නිකුත් කර නොමැත. කොලොම්බියාවේ සිවිල් ගුවන් සේවා ඒජන්සියේ විමර්ශකයින් නිල පරීක්ෂණයක කොටසක් ලෙස හෝඩුවාවන් සඳහා සුන්බුන් පීරීමට නියමිතය.

ඊසානදිග කොලොම්බියාවේ වෙනිසියුලාවට කඳුකර කලාපයක්වන  නෝර්ට් ඩි සැන්ටැන්ඩර්හි    ආණ්ඩුකාර කාර්යාලය ජීවිත අහිමි වූවන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කළේය.

“ලා ප්ලායා ඩි බෙලන් හි ග්‍රාමීය ප්‍රදේශයේ පසුගිය පැය කිහිපය තුළ තහවුරු කරන ලද ගුවන් යානා අනතුරෙන් පසු සිදු වූ ඛේදවාචකය ගැන අපි දැඩි ලෙස කනගාටු වෙමු. වින්දිතයින්ගේ පවුල්වලට, මිතුරන්ට සහ ආදරණීයයන්ට අපගේ සහයෝගීතාවය සහ හෘදයාංගම ශෝකය ප්‍රකාශ කරමු,” කාර්යාලය පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ තවත් හමුදා කඳවුරකින් යුද හමුදාව ඉවත් වී ඉඩම් ජනතා පදිංචියට මුදා හරී…

Next Post

මන්නාරමේ පැවති අධි ආරක්ෂිත කලාපයක් ජනතාවට විවෘත කරයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.