බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජී.එස්.පී ප්ලස් සහනය කැපීමේ යෝජනාවක් ! ඔක්සිජන් නැතිව හුස්ම හිරවන ලංකාවට තවත් අනතුරක් !

by Lanka Sara Editor
ජූනි 11, 2021
in පුවත්
GSP
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. පලස් සහනය ඉවත් කළ යුතු දැයි සළකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ යෝජනාවක් සම්මත කොට ගෙන ඇති අතර ඒ අනුව, ජීඑස්පී සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම ඉදිරියේ දී කටයුතු කරනු ඇති බව දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ දේශපාලනික ජනප්‍රියත්වය උදෙසා දේශීය ආදායම් අහිමිකර ගැනීම, විදේශ ණය හා පොලී ගෙවීම, පොහොර ආනයනය නතර කිරීම වැනි ජයප්‍රිය සටන්පාඨවලට මුවා වී දේශීය කෘෂි නිෂ්පාදන අහිමිකර ගැනීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇති ලංකා ආර්ථිකයට ජීඑස්පී අහිමිවීම මාරාන්තික ප්‍රහාරයක් වනු ඇති බවයි.

ඔහු නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

පුවත්පත් නිවේදනය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යුරෝපා පාර්ලිමේන්තුවේ ලංකාවට එරෙහි ජීඑස්පී නැවැත්වීම සලකා බැලීමේ යෝජනාව
ඔක්සිජන් නැතිව ලෙඩ ඇදට වැටුණු ලංකා ආර්ථිකයේ අවසන් හුස්ම පොද සිර කරනු ඇත

ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. පලස් සහනය ඉවත් කළ යුතු දැයි සළකා බැලීමට යුරෝපා පාර්ලිමේන්තුව ඊයේ යෝජනාවක් සම්මත කොට ගෙන ඇත. ඒ අනුව, ජීඑස්පී සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන්නේ දැයි සලකා බැලීමට යුරෝපා කොමිසම ඉදිරියේ දී කටයුතු කරනු ඇත.

මන්ත්‍රීවරුන් 705 ක් සිටින යුරෝපා පාර්ලිමේන්තුවේ වැඩිම පිරිසක් ලංකාවට එරෙහිව යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කළ අවස්ථාව ලෙස ඊයේ ජීඑස්පී සහනය ඉවත් කිරීම සලකා බැලීමේ යෝජනාව පත්විය.

එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට යුරෝපා කොමිසම නිර්දේශ කරන්නේ නම් ශ්‍රී ලංකා ආර්ථිකයට එය මරු පහරක් වනු ඇති බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ සිවිල් නිදහස සීමාවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ විපක්ෂය සහ රට තුල ක්‍රියාත්මක සිවිල් හා බලපෑම් කණ්ඩායම් මේ වන විටත දක්වමින් ඇත්තේ අඩු උනන්දුවයි. සුළු ජාතික කණ්ඩායම් වෙත මෙන්ම තමන්හා කටයුතු කළ දේශපාලනඥයින්, වෘත්තිකයින්ට, ජනමාධ්‍ය ක්‍රියාකාරීන් පිළිබඳ ද පාර්ලිමේන්තු විපක්ෂය හඬක් නගවන්නේ නැත.

එසේ තිබිය දී යුරෝපා සංගමය පහත සිය අවධානය යොමු කර ඇති කරුණු වන්නේ,
1. මානව හිමිකම් සම්බන්ධයේ ලංකා රජය පොරොන්දු ඉටු නොකිරීම
2. ලංකාවේ මානව හිමිකම් තත්වය පිරිහීම
3. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඇතුළු අණ පනත් දේශපාලන/සිවිල් ක්‍රියාකාරීන්ට විරුද්ධව පාවිච්චි කිරීම යන කරුණු ය.

යුරෝපා සංගමයේ ජීඑස්පී සහනයෙන් වැඩිම වාසියක් ලබන රාජ්‍යයන් අතර ශ්‍රී ලංකාව වේ. 2020 වසරේ ලංකාවේ අපනයනයන්ගෙන් 22.4% සිදු කර ඇත්තේ යුරෝපා සංගමයට ය. (පසුගිය වර ලංකාවට ජීඑස්පී සහනය අහිමි කිරීමට පෙර එය 35% ක් විය) චීනයට පසු ලංකාවේ විශාලතම වෙළෙඳ සහකරුවා යුරෝපා සංගමය වන නමුත් යුරෝපා සංගමයේ 69 වන වෙළෙඳ සහකරුවා ලංකාවයි.

යුරෝපය ලංකාවේන් භාණ්ඩ 27 ක් ආනයනය කරන අතර ඇඟළුම් ඒ අතර ප්‍රධානය. යුරෝ මිලියන 2083 ක් යුරෝපා වෙළදාමෙන් පසුගිය වසරේ ලැබුණි.

යුරෝපය හා ශ්‍රී ලංකාව අතර වෙළෙඳ පරතරය අප රටට වාසිදායක ලෙස පවතින අතර, දැන් ක්‍රියාත්මක ආනයන සීමා කිරීම් පිළිබඳ යුරෝපා සංගමයේ නියෝජිතයින් අවස්ථා ගණනාවක දී රජයට අනතුරු හඟවා තිබුණි.

යුරෝපය වෙත ලංකා අපනයන අඛණ්ඩව වැඩිවන අතර නමුත් 2008 දී යුරෝපය ජීඑස්පී සහනය නවතා දැමීමත් සමඟම ලංකාවට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදු විය. ලංකාවට යුරෝපයේ වූ ඇඟළුම් වෙළෙඳපොල බංගලිදේශය විසින් ආක්‍රමණය කළ අතර හයිඩ්‍රාමනි ඇතුළු ලංකාවේ සමාගම් බංගලිදේශය වෙත සිය කර්මාන්ත රැගෙන ගියේය. එය බංගලිදේශයේ ඇඟළුම් ආදායම ඉහළ නැංවීමට හේතු වූ අතර, ලංකාවට එරටින් ණය ආධාර ලබාගැනීමට සිදුව තිබේ.

ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික පසුබෑම සිදු වෙමින් පවත්නා මොහොතක ‘‘යුරෝපා කොමිසම විසින් ජීඑස්පී ප්ලස් සහන ලංකාවට ලබාදීම පිළිබඳ ඇගයීමක්‘‘ සිදු කරනු ඇත. එහි දී ලංකාවේ මානව හිමිකම්, කම්කරු නීති ආරක්ෂා කිරීම, කම්කරුවන් සදහා ලබාදෙන පහසුකම් පිළිබඳ දැඩි විමර්ශනයක් සිදු කරනු ඇත.

මෙයට පෙර ශ්‍රී ලංකාවට මානව හිමිකම් චෝදනා සහ ජීඑස්පී සහන ඇතුළු බලපෑම් එල්ලවන විට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විපක්ෂයට එවකට පැවති රජයන් දැඩි චෝදනා එල්ල කිරීම විශේෂත්වයකි. සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ බලපෑම් කණ්ඩායම් වෙත වෛර සහගත චෝදනා එල්ල විය. එසේ නමුත්, වත්මන් විපක්ෂය මානව හිමිකම් සම්බන්ධයෙන් ද, සමාජ ක්‍රියාකාරීන් මර්ධනය සම්බන්ධයෙන් ද දැඩි නිහඬතාවයක් අනුගමනය කරමින් සිටී. ජාත්‍යන්තර ප්‍රජාව ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිඳව විපක්ෂයට වඩා උනන්දුවක් දක්වන බව මෙම යෝජනාව අනුව පැහැදිලි ය. ජීඑස්පී සහන ඉවත් නොකිරීම සඳහා ‘යුරෝපා කොමිසම‘ එකඟ කරවා ගැනීමට ශ්‍රී ලංකා රජයට දැඩි වෙහෙසක් දැරීමට සිදුවන බව ඉතා පැහැදිලිය.

හුදු දේශපාලනික ජනප්‍රියත්වය උදෙසා දේශීය ආදායම් අහිමිකර ගැනීම, විදේශ ණය හා පොලී ගෙවීම, පොහොර ආනයනය නතර කිරීම වැනි ජයප්‍රිය සටන්පාඨවලට මුවා වී දේශීය කෘෂි නිෂ්පාදන අහිමිකර ගැනීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇති ලංකා ආර්ථිකයට ජීඑස්පී අහිමිවීම මාරාන්තික ප්‍රහාරයක් වනු ඇත්තේය.

රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර

Tags: නවතම
Share69Tweet43
Previous Post

අනුරාධපුර සතොස බාර් එකේ සීල් කඩා අරක්කු උස්සද්දී  සී.සී.ටී.වී.ත් වෙරි වෙලා

Next Post

අපේ රටේ කොවිඩ් ප්‍රභේදයෙන් නව ප්‍රභේද ඇතිවීමේ අවදානමක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.