අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජැකාගේ  අයි.සී.යූ දින 454 ගැන නොදත් කතාවක් මළ ගෙදර ස්තුති කතාවේ දී සජිත හෙළි කරයි….

by editor
ඔක්තෝබර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දැඩි සත්කාර ඒකකයේ ජීවිතය සමග සටනක සිටිද්දීත්   සිය පියාණන් සමග ඇරියස් කවර් කරගැනීමට උත්සාහ කළ කීප දෙනෙක්  සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල කළ මඩ ප්‍රහාර ඉවසා දරා ගත හැකි වුවත්  කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයෙක්  අතාර්කික බොරු ප්‍රකාශ කිරීම තමන් ඇතුළු පවුල කම්පනයට පත් කළ බවත් සිය පියාණන් අවසන් මොහොත තෙක් හුස්ම ගත්තේ තම පවුලේ ඥාතීන් විසින් කොළඹ ජාතික රෝහල වෙත පරිත්‍යාග කළ නවීනතම වෙන්ටිලේටර් යන්ත්‍රයකින් බවත්    අද (12) අවසන් ගමන් ගිය සිය පියාණන් වූ ජැක්සන් ඇන්තනිගේ අවමංගලෝත්සවයේ ස්තුති කතාව කරමින් සජිත ඇන්තනි ප්‍රකාශ කළේය.

“අවසන් මොහොත වනතුරු මගේ අප්පච්චි හුස්ම ගත්ත අපි පරිත්‍යාග කළ ඒ යන්ත්‍රය තව අවුරුදු 15ක් 20ක් යනතුරු සිය දහස් ගණනක් අසරණ මිනිස්සුන්ට හුස්ම දේවි. “

ඔහු කීවේය.

සජිත ඇන්තනි අවමංගල ස්තුති කතාව කරමින් මෙසේ ද පැවසුවේය.

“ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරු, කාර්ය මණ්ඩලය තමන්ගේ තාත්තා රැක බලා ගන්නවා වගේ  දින 454ක්   අප්පච්චි රැක බලා ගත්තා. ඒ ගැන ස්තුති කරන්න වචන ප්‍රමාණවත් නැ. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අප්පච්චි දැඩි සත්කාර ඒකකයේ හිටියේ දින 454යි.  ඒත් රෝහලේම අධ්‍යක්ෂවරයෙක් අප්පච්චි අයි.සී.යූ හිටපු  දින ගණන    දින 500ක් කියලා දිග කතාවක් කිව්වා.  454ක් 500ක් කළා. ඒක කොච්චර දිග ද . ආසන්න අගයට වටයලාවත් නොවෙයි මේ බොරුව නිර්මාණය කරන්නේ. “

රෝහලටම සම්බන්ධ කෙනෙක් මෙහෙම කියනකොටයි ගැටලුව.  මේ ව්‍යාජය අරන් ගිය අනෙක් කෙනා ගැන අපට ප්‍රශ්නයක් නෑ. එයා මේ යූටියුබ් එකෙන් මතයක් හදන්න හදපු කෙනෙක්. නමුත් රෝහලෙන්ම මේ මතයක හදන්න හදනකොට මට හිතුනා මේ ඇත්ත   කිව යුතුයි කියලා.

“මම ස්තුතිවන්ත වෙනවා මගේ අප්පච්චිට හුස්ම ගන්න වෙන්ටිලේටර් මෙෂින් එකක් මිල දී ගන්න මට උදව් කරපු මගේ අපච්චිගේම ඥාති පිරිසට. අපච්චි ජීවිතයත් මරණයත් අතර සටනක් කරද්දි අපිට රඟපාන්න යන්න සිද්ධ වුනා. හිතන්න අපි මොන තරම් ආර්ථික අපහසුතාවයකට පත් වෙන්න ඇද්ද. මේ අප ඇතුළු හැමෝටම අමාරු කාලයක්.    සහන බාලපොරොත්තු  වන කාලයක් මිසක් පරිත්‍යාග කරන කාලයක් නොවෙයි. නමුත් ඒ කාලයේ අප්පච්චි හුස්ම ගන්න මෙෂින් එක දිහා බලන් හිටපු මම අපච්චි හුස්ම ගන්න මැෂින් එක වගේ මෙෂින් එකක් මිලදී අරගෙන හොස්පිට්ල් එකට පරිත්‍යාග කරන්න ඕන කියලා හිතුවා.”

ඒක විශාල මුදලක්. මම හිතන්නේ අද කොළඹ ජාතික රෝහලේ එවැනි මෙෂින් දෙකයි තියෙන්නේ.  ඒ මෙෂින් එකට සල්ලි එකතු කරන්න සූදානම් වෙද්දි අප්පච්චිගේ යාලුවො එකතුවෙලා ජනතාවගෙන් එකතු කරමු කියලා කිව්වා. ජැක්සන්ට හුස්ම ගන්න හැමෝම උදව් කරයි කියලා.

මම කිව්වා නෑ.. එහෙම නෙමෙයි. අපි අසරණ වෙලා අමාරු වෙලා ඉන්න වෙලාවෙ අපිම මේ මෙෂින් එක ගන්න ඕන කියලා. අපි මෙෂින් එකක් මිලදී ගත්තා. ඒකට උදව් කරපු සියලුම දෙනාට ස්තුතියි.

අප්පච්චි අන්තිම හුස්ම හෙළනකම් හුස්ම ගත්තේ  අපි විසින් හොස්පිට්ල් එකට පරිත්‍යාග කළ මෙෂිමකින්.

ඔය මෙෂින් එක ගැන සමාජ මාධ්‍යවල අර අපේ අපච්චි එක්ක ඇරියස් කවර් කරන්න හදපු එක්කෙනා දෙන්නා පස්සේ ගිය අයට කිව්වෙ නෑ. ඒත් අද වෙද්දි ඒ මෙෂින් එකෙන් කවුරු හෝ රෝගියෙක් හුස්ම ගන්නවා ඇති.

තව අවුරුදු 15ක 20ක්, කී දෙනෙකුගේ ජීවිතවලට හුස්ම දෙයිද මේ මෙෂින් එක.

සජිත ඇන්තනි පැවසුවේ නොකියා සිටීමට උත්සාහ කළ කතාව පියාගේ අවසන් මොහොතේ හෙළි දරවු කළ බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසල් දරුවන් ගෙන් සියයට 15කට දුර පෙනෙන්නේ නෑ…  ළමා අක්ෂි විශේෂඥවරු කියති!

Next Post

හොර බෙහෙත් සමාගමට එරෙහිව ඇමති පියවර රැසක් අරන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.