අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරයා මාලදිවයින් කතානායක නෂීඩ් ඊජිප්තු ගෙන ගියේ කාගේ සල්ලි වලින් ද?. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි….

by editor
නොවැම්බර් 17, 2022
in පුවත්
Mohomad-Nasheed
Share on FacebookShare on Twitter

දරුවෙකුට බත් කටක් දිය නොහැකි තරමට දරිද්‍රතාවය ඉහවහා ගිය හිඟමනට වැටී ඇති රටේ හිඳී ගිය ඩොලර් සංචිතයේ අවසන් අඩියත් හූරාගෙන වියදම් කරමින් ජනාධිපතිවරයා සිය උපදේශකයෙක් ලෙස මාලදිවයිනේ කතානායක මොහොමඩ් නෂීඩ් ඊජිප්තුවට ගෙන ගියා නොවේ දැයි අද (17) පාර්ලිමේන්තුවේ දී  සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ප්‍රශ්න කළේය.

ඔහු කියා සිටියේ මාලදිවයින් රජය තමන් විසින් මේ ගමනට මොහොමඩ් නෂීඩ්ට ඩොලර් වියදම් නොකළ බව ප්‍රකාශ කර ඔහු මේ ගමනට සම්බන්ධ වීම පිළිබඳව   විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවය.

මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේ දී මෙසේද පැවසුවේය.

“මාලදිවයිනේ මොහොමඩ් නෂීඩ් කතානායකවරයා පත් කළා තනතුරු දෙකකට. එතුමාව එක තනතුරකට පත් කළා කාලගුණය  පිළිබඳ සහ පරිසරය පිළිබඳ  ජනාධිපති උපදේශකයා හැටියට.“

“නෂීඩ් කතානායකවරයා ජනාධිපතිවරයා එක්ක ඊජිප්තුවට ගියා. කවුද මුදල් ගෙව්වෙ. ජනධිපතිවරයා ඊජිප්තුවට යනකොට තෙල් නැවක් ඇවිත් වරායෙ එළියෙ නැංගුරම් දාගෙන ඉන්නවා. මාසෙකට වැඩියි. කෝටි 250කට වැඩිය ගෙවන්න ඕන ප්‍රමාද ගාස්තු. ජනාධිපතිවරයා නෂීඩ්ව අරගෙන ඊජිප්තු ගියා.   කාගෙ සල්ලි ද මේ.?“

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

“මාලදිවයින් පාර්ලිමේන්තුවෙ සන්නිවේදන මාධ්‍ය අධ්‍යක්ෂ හසන් සියා කියනවා අපිනම් මුදල් වියදම් කළේ නෑ නෂීඩ්ට ඊජිප්තුවට යන්න කියලා.“

එහෙමනම් කවුද මුදල් වියදම් කළේ. අපි ඩොලර් නැතිව ඉන්න මේ වෙලාවෙ තෙල් නැව් වරායෙ නවත්තගෙන ඉන්නකොට   රටේ ළමයින්ට   පෝෂ්‍යදායී ආහාර වේලක් දෙන්න විදිහක් නැතිව දෙමව්පියන් ලතවෙනකොට,  පෝෂ්‍යදායී කෑමක් නැති මිනිස්සු අතරෙ මන්දපෝෂණය පැතිරෙනකොට ජනාධිපතිවරයා  අපට කියනවා කැපකිරීම් කරන්න කියලා. ඔහු  නෂීඩ් අරන් යනවා ඊජිප්තුවට.

රමේෂ් පතිනරණ –  රජයේ මුදල් මාලදිවයින් කතනායකවරයා  ගේ ඊජිප්තු සංචාරය වෙනුවෙන් වියදම් කළේ නෑ කියලා මුදල් අමාත්‍යාංශය දැනුම් දෙනවා. ඒ ගැන ඔබතුමාට දැනුම්වත් කරන්න කතා කළේ.

මුජබර් රහුමාන් – එතුමා එහෙම කිව්වට මාලදිවයිනේ පාර්ලිමේන්තුවත් කියනවා අපේ සිල්ලිවලින් නම් ගියෙ නෑ කියලා. එහෙමනම් එතුමා ගියෙ කාගෙ සල්ලිවලින් ද? ඔබතුමා කියන්න එහෙනම් ඒ සල්ලි කාගෙ ද?

රමේෂ් පතිරණ – පෞද්ගලික සල්ලිවලින් නෂීඩ් ගෙ

මුජබර් රහුමාන් – නෂීඩ්ට මාර කැක්කුමක් තියෙන්නෙ අපේ රටේ පරිසරය ගැන. ඒ කියන්නෙ මෙහොමඩ් නෂීඩ්ට ලංකාවෙ පරිසරය ගැන එයාගෙ ඩොලර් වියදම් කරගෙන ගිහින් කතා කරනවා.

එහෙ විමර්ශනයක් තියනවා නෂීඩ්ට  කොහොමද එයා මේ ගමන ගියෙ කියලා. එයාගෙ තනතුරේ හැටියට එයාට තව රටක තනතුරක් දරන්න බැහැයි කියන මතය මාලදිවයිනේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් කරලා තියනවා කියලා අද ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා.

එහෙම තියෙද්දි මොහොමඩ් නෂීඩ් තමන්ගෙ ඩොලර් ටිකත් වියදම් කරගෙන අපේ රට වෙනුවෙන් ගියෙ ඇයිද කියන එක නම් ප්‍රශ්නයක්.

රමේෂ් පතිරණ – ඔහු ලංකාවට ආදරෙයි. ලංකාවෙනෙ ඉගෙන ගත්තේ.

මුජබර් රහුමාන් – බොහොම හොඳයි. බොහොම හොඳයි. එහෙම ආදරේ කරන කට්ටිය ලංකරගන්න. හැබැයි එහෙම ආදරය කරන කට්ටිය හොයාගෙන ලංකරගන්න ගිහින් තමයි රටට මේ විනාශය වුනේ…

 

Share69Tweet43
Previous Post

අනීතික නියෝග පිළිපදින්න බෑ… පොලිස් ලොක්කෝ රැසක් බස්නාහිර පළාතෙන් ස්ථාන මාරු ඉල්ලති….

Next Post

විනිසුරු මඩුළු 02කින් මරණ දඬුවම නියම කළ දුමින්දට පොදු සමාව දුන් ගොඨා වගඋත්තර කරුවෙක් කරන්න…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.