බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිවරයා පාලනය කර ව්‍යවස්ථාව අත්හිටුවීම ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවේ… ආන්දෝලනාත්මක අධිකරණ තීන්දුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි!

by editor
ජූනි 27, 2024
in පුවත්

Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම ‍ ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) අවධාරණය කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව විශේෂකොට දක්වන්නේ පසුගිය ජූනි 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය ස්වකීය බලය ඉක්මවා ගොස් අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිත් අත්හිටුවන බවට සිදුකළ නිර්දය විවේචනයත් සමගය. එම නිර්දය විවේචනය කිරීම සිදුවන්නේ  ජනාධිපති නීතිඥවරයෙක් වූ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සහ තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් දෙපළක්වන සභානායක සුසිල් ප්‍රෙමජයන්ත,  පාර්ලිමේන්තු මන්ත්‍රී  ජයසේකර විසිනි.

  • දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ දී  ශ්‍රේෂ්ඨාධීකරණයට කළ චෝදනාව

දයාසිරි ජයසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා  පාර්ලිමේන්තුවේදී ඇසූ මේ ප්‍රශ්නයට ප්‍රස්තුත වන්නේ ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 (අ) පරිච්ඡේදය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ නිර්දේශ ඉල්ලූ විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව එය අනුම නොකිරීමය.

අණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය නොලැබීම අභියෝගයට ලක් කරමින් නිශ්ශංක බන්දුල කරුණාරත්න විනිසුරුවරයා තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අංකSCFR35/2024 යන නඩුව පැවරුවේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ නඩුව තහවුරු කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අග විනිසුරුවරයා හැර අනෙක් විනිසුරුවරුන් විශ්‍රාම යෑම හෝ ධූරය හිස් වීම මත ඇතිවන කිසිම පුරප්පාඩුවක් සඳහා විනිසුරුවරුන් පත් කිරීම තහනම් කරමින් ජනරජයේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නියෝගයක් නිකුත් කළේය. අනතුරුව එය ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කරනු ලැබුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ව්‍යවස්ථාදායක සභාවේ ස්වාධීනත්වයට බලපෑම් කරන හෝ අභියෝග කරනු ලබන නියෝග නිකුත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව පාර්ලිමේන්තුවේ කතානායකවරුන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ද දිගින් දිගටම තීන්දු ගණනාවක් ලබා දී තිබුණේය.

එවැනි පූර්වාදර්ශ සහිතව තිබියදීත් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග විනිසුරුතුමන්ගේ බලය ද අභියෝගයට ලක් කිරීම පුදුම සහගත බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ  කළේය.

ප්‍රස්තුත නියෝගයේ ප්‍රතිඵලය වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරන් පත්කිරීම සඳහා වූ ජනාධිපතිගේ සහ ව්‍යවස්ථාදායකයේ බලය එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 7 (ආ) වන පරිච්ඡේදය අත්හිටුවීම බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිච්ඡේද අත් හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේ කුමණ බලයක් දැයි ප්‍රශ්න කරමින් මේ නිර්මාණය වන්නේ බරපතල අවුලක් බවත් විධායකය සහ ව්‍යවස්ථාදායකය සමග අධිකරණය ගැටුනහොත් ඇතිවිය හැකි තත්ත්වය බෙහෙවින්ම බරපතල බව පෙන්වා දුන්නේය.

එය අත්තනෝමතික හැසිරීමක් බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මෙන්ම සභා නායක සුසිල් ප්‍රේමජයන්ත ද සාධක සහිතව පාර්ලිමේන්තුව තුළ තහවුරු කරමින් තර්ක කළේය.

  • තීන්දුව සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය කළ ප්‍රකාශය

විවාදයට තුඩු දුන් පෙත්මට මැදිහත් විමක් ලබා දීමට අවසර ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය මහිම් මෙන්ඩිස් කළ ඉල්ලිම අද සලකා බැලූ එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ඒ.එච්.එම්.ඩී නවාස් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල  ප්‍රකාශ කළේ  ජනාධිපතිවරයා පාලනය කිරීම හෝ ව්‍යවස්ථාව අත්හිටුවීම ‍ ශ්‍රේෂ්ඨාධිකරණයේ අරමුණ නොවන බවය.

එහිදී ත්‍රිපුද්ල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අදාල නියෝගය නිකුත් කරනු ලැබුවේ ඉදිරිපත් වී තිබු කරුණු මැනවින් සලකා බැලීමෙන් අනතුරුව බවය.

සිවිල් පුරවැසියෙක් ලෙස නීතිඥවරයෙක් ( නිශ්ශංක බන්දුල කරුණාරත්න ) විසින් ගොනුකළ පෙත්සම  සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන්නේ  පසුගිය අප්‍රේල් 30 වැනිදා ය.

කෙසේ වෙතත්  එම පෙත්සම ගොනු කළ නිශ්ශංක බන්දු කරුණාරත්නගේ පාරශවය අද කියා සිටියේ අදාල නියෝගය ඉවත් කිරීමට හෝ වෙනස් කිරීමට කිසිදු පාර්ශවයක් විරුද්ධත්වය නොදක්වන බවය.

මෙම පෙත්සම් කඩිනමින් විභාගයට ගෙන තීරණයක් ප්‍රකාශ කළ යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කණිෂ්කා ද සිල්වා කියා සිටියාය.

කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම ඉතා කඩිනමින් සලකා බැලිය යුතු බවට තීරණය කළේය.

ඒ අනුව පෙත්සම් විභාගය ජූලි 25 වැනිදාට දින නියම කළ විනිසුරු මඩුල්ල පෙත්සම් සම්බන්ධයෙන් විරෝධතා ප්‍රතිවිරෝධතා සහ ලිඛිත දේශන ගොනු කරන ලෙසට ද දෙපාර්ශවටය නියෝග කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

චාවකච්චේරියේ මිනිස්සු රත්තරන් සොයා කුණු කන්දක් අවුස්සති!

Next Post

රැඳවියන් පිරිසකගේ පහරදීමකින් ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් මිය යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.