ජනාධිපති ධූර අපේක්ෂකයින්ගේ වත්කම් හා බැරකම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ (https://sinhala.ciaboc.gov.lk/ )මේ වනවිට ප්‍රසිද්ධ කර ඇතැයි එම කොමිෂන් සභාව දන්වා සිටියි.
දූෂණ විරෝධී පනතේ 88(1) උප වගන්තිය ප්‍රකාරව අදාළ ප්‍රකාශනවල හෙළි නොකළ යුතු බවට දන්වා ඇති තොරතුරු හැර අනෙක් සියලු තොරතුරු සහිත සංස්කරණය කළ පිටපත් මෙසේ මහ ජන ප්‍රවේශය සඳහා ප්‍රකාශයට පත් කර තිබේ.
ජනාධිපති ධූර අපේක්ෂකයින් විසින් දූෂණ විරෝධී පනතේ 89 වගන්තිය ප්‍රකාරව තම නාම යෝජනා පත්‍ර සමග ඔවුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ද මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී තිබිණි.
එම ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් භාරයට පත් වීමෙන් අනතුරුව නීත්‍යානුකූලව එම තොරතුරු මහජන ප්‍රවේශය සඳහා මුදාහැර ඇත.








