බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති දඹුල්ලට ඇවිත් හදපු එළවළු සිස්ටම් පළාතේ මිතුරෝම විනාශ කරලා

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න

by Lanka Sara Editor
නොවැම්බර් 12, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණ සමයේ දඹුල්ලට පැමිණ මාෆියව සති දෙකකින් වෙනස් කරනවට ජනාධිපතිතුමා පොරොන්දු වුවද අද දඹුල්ලේ දේශපාලන ගජමිතුරු එළවළු මාෆියාව ජනාධිපතිතුමාවත් පරදවා ඇති බව මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණි කවිරත්න පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇය වැඩිදුරටත් මෙසේ කියා සිටී. ” මේ වනවිට එළවළු ගොවියෝ අස්වැන්නට මිලක් නැතිව බෙල්ලේ වැලදාගන්නට හදද්දී දඹුල්ලේ දේශපාලන අතදරුවෙක් ‘මේ ආණ්ඩුවෙන් ගොවියාට අගතියක් වෙන්නේ නෑ කියලා‘ විහිළු කරනවා. ගොවියාගේ කඳුළු ව්‍යාපාරික ගජමිතුරන්ට මසුරං කරනවා.

මැනිං වෙළදපොල වසා දැමීම නිසා මුළු රටේම එළවළු වෙළෙඳපොළ විකෘති වී, සැපයුම් ජාල අවුලෙන් අවුලට පත් වෙලා තියෙනවා. දඹුල්ලේ දේශපාලනඥයෝ හා ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් පැයෙන් පැය වෙනස් වෙන එළවළු වෙළෙදපොල නිධානයක් කරගෙන ඉන්නවා.

මේ වනවිට දඹුල්ලට එළවළු ඇතුළු කෘෂි නිෂ්පාදන රැගෙන එන ගොවි ජනතාව පත්ව ඇති කණගාටුදායක තත්ත්වය පිළිබඳව මාද්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඇය තවදුරටත් සඳහන් කරන්නේ රටේ ජනතාවට සාධාරණ මිලකට එළවළු ලබා දීමට සහ ගොවි ජනතාවට නියම මිලක් ලබා ගැනීමට තිබෙන වුවමනාව පලාතේ දේශපාකයන්ට නොමැති බවයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම දේශපාලකය් ගොවීන්ගේ කඳුළු හිතමිතුරු ව්‍යාපාරිකයන්ගේ මසුරං බවට පත් කරමින් සිටින බව” ඇය සඳහන් කර ඇත.

රෝහිණි කවිරත්න මන්ත්‍රිවරිය මෙසේද පවසයි.

“මැතිවරණ සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දඹුල්ලේ දේශපාලනඥයින් – තැරුව්කරුවන් කිහිප දෙනාගේ මාෆියාව සති දෙකකින් අවසන් කරනවා කිව්වා. ජනාධිපතිතුමාට එළවළු ප්‍රශ්නය විසඳන්න තියෙන උවමනාව ‘දේශපාලන ගජමිතුරෝ‘ විනාශ කරලා ඉවරයි. ජනාධිපතිතුමනි, ඔබ දඹුල්ලේ ‘ගජමිතුරු සමාගමට‘ පැරදිලා ඉවරයි.

මාතලේ විතරයක් නොවෙයි, පුත්තලම, රත්නපුර, නුවරඑළිය, වැලිමඩ, හපුතලේ රටේ හැමතැනම එළවළු විකුණාගන්න බැරිව ගොවියෝ අන්ත අසරණ වෙලා ඉන්නවා. නුවරඑළියේ ලීක්ස් කිලෝව රු. 20 ට යනකොට කොළඹ තොග මිල රු. 140 කියලා කෘෂිකර්ම ඇමති දන්නවා. බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුව මේ ප්‍රශ්නය ගැන නිවේදන නිකුත් කරනවා.
හැබැයි දඹුල්ලේ දේශපාලන අතදරුවෙක් එළවළු ප්‍රශ්නය ගැන කථාකරපු හිටපු කථානායක කරූ ජයසූරිය මහත්මාටත්, මටත් අවලාද නගනවා යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයේ දැක්වේ.
රට පුරා එළවළු විකුණාගන්න බැරිව වගා බිම්වල කුණුවෙලා යනවා. අද හඟුරන්කෙත, වලපනේ, බණ්ඩාරවෙල තක්කාලි කිලෝවක් රු. 30 යි. රාබු කිලෝවක් රු. 20 යි. ආණ්ඩුවේ ගජමිතුරේ මේ එළවළු බස්නාහිරට ගෙනිහින් රු. 300 ට විකුණනවා. මාතලේ දේශපාලන අතදරුවා ගොවියායි – පාරිභෝගිකයයි වෙනුවට ‘අතරමැදියෝ කිහිප දෙනෙක්‘ වෙනුවෙන් පෙනී සිටිනවා.

සුවිශේෂ ආපදා තත්ත්වයක් ඇතිවුනාම අධික ලාබ ලබන්නට බලාගෙන එන්න අතරමැදියාගෙන් ගොවියා ත්, පාරිභෝගිකයාත් රැකගන්නට රජයට වැඩපිළිවෙලක් තිබිය යුතුයි. දඹුල්ලේ එළවළු මිල තීරණය කරන්නේ දේශපාලනඥයින් හා ඔවුන් ගේ ගජමිතුරු සමාජයයි. ඒ නිසා ගොවියාට මිලක් නැති වෙලා. පාරිභෝගිකයාට කන්න නැති වෙලා.

දඹුල්ලේ රු. 40 ට ගොවියාගෙන් ගන්න එළවළු කිලෝවක් බස්නාහිර දී රු. 260 ට – 300 ට පාරිභෝගිකයා අතට පත් වෙනවා. මේක සහගහන අපරාධයක් යැයි ද කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මැනිං වෙළෙදපොල වසා දමා රටේම එළවළු දඹුල්ලට ආපු නිසා ගොවියා විනාශ වුණා. ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් හා ඔවුන්ට ආරක්ෂාව සලසන දේශපාලනඥයින්ගේ ගජමිතුරෝ මෙකෙන් ලාබ ලබනවා. දඹුල්ලේ එළවලු වෙළෙදාම අද මහ දවල් සිදු කරන මංකොල්ලයක් බවට පත් වෙලා තිබෙනවා යැයි ද රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවිඩ්වලින් මැරෙන්න අරින්න එපා… බෝගම්බර සිරකරුවෝ වහළ මත නගිති.

Next Post

යාපනය කොවිඩ් රෝහලට ඊයේ විදේශිකයන් 51ක් ඇතුළත් කරලා….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.