බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…

වියත්මග ප්‍රධානී එරංග ගිනිගේ ජනාධිපතිට ලියයි...

by editor
ජනවාරි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එරන්ද ගිනිගේ වියත්මග සංවිධානයේ ආරම්භක බලකණුවය.  අන්තර්ජාතික තලයේ අත්දැකීම් සහිත වෘත්තිකයෙක්,  සමාජ ව්‍යවසායකයෙක්, ගත් කතුවරයෙක්  ලෙස සමාජය හඳුනා ගන්නා එරන්ද මේ ආණ්ඩුව බලයට රැගෙන ඒම සඳහා බලාපොරොත්තු උපදවන ආකර්ෂණීය පෙළගැස්මක් බිහි කළ පුද්ගලයෙකි.  එහෙත් ඔහු රජය බලයට පත් වූ පසු එහි ක්‍රියාකාරී හැසිරීම් ගැන කලකිරී සිටියේය. පසුගිය අගෝස්තුවේ ඔහු සිය අපේක්ෂා භංගත්වය මුල් වරට පල කළේ වියත් මගෙහි සියලු තනතුරුවලින් ඔහු ඉල්ලා අස්වන බව කියමිනි.  පෙරේදා ඔහු ජනාධිපතිවරයාට යැවූ ලිපියක් සිය ෆේස් බුක් ගිනුමෙහි මේ ලිපිය පල කර තිබිණි.  

“ මේ සිදුවන්නේ අප සිහිනයෙන්වත් සිතූ දේ නොවේ… “ මේ එරංග ගිනිගේ ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය ය. 

 ගරු ගෝඨාභය ජනපතිතුමනි

ඔබතුමාගේ ජනපති ධූර කාලය තුළ සිදු වේ යැයි මා හීනෙන්වත් නොසිතූ දෑ දැන් සිදුවෙමින් තිබේ. ඒවා ලැයිස්තුවක් ඇති මුත් මේ ලිපිය ලියන්නේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධවයි. ඔබතුමා පැහැදිලිවම ඉන්දියාවට බිය වී සිටී. ඔවුන්ගේ තර්ජන ගර්ජන හමුවේ ඔබතුමාගේ කොන්ද වකුටු වී තිබේ. ගමේ වැසියන් ඉදිරියේ වීරයෙකු මෙන් කතා කළත් ඉන්දියානුවන් ඉදිරියේ ඒ වීරකම් නැති බව පෙනේ. එය කණගාටුවට කරුණකි.

නමුත් ඔබතුමා මුහුණ දී සිටින තත්ත්වයද මට තේරුම් ගත හැකිය. ඔබතුමා බලයට ගෙන ඒමට ඇමරින්දියාව කිසියම් කාර්යයක් කළ බවත් ඉන්දියාවේ සහාය නොමැතිව ඔබතුමාට ඉදිරියට කටයුතු කළ නොහැකි යැයි පුන පුනා ඔබතුමාට කියා දෙන ඒජන්තයන් ඔබේ කර උඩ ලැගගෙන ඉන්නා බවත් පැහැදිලිය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

කිසිදු බාහිර පාර්ශවයකට යටත් නැති ජනරජයේ වැසියන්ට පමණක් වගවෙන වගකියන අයෙකු ජනරජයේ වැසියන් විසින්ම පමණක් සිය ජනපති කරගත්තා යැයි මා සිතුවත් තවත් මිලියන ගණනක වැසියන් තවම සිතා සිටියත් එය සත්‍යයක් නොවන ළාමක හිතළුවක්ම යැයි මා තේරුම් ගත්තේ ඔබ ජනපති වූ මුල් මාස කිහිපයේදීමය. ශ්‍රී ලංකාව පාලනය කරන්නේ එහි වැසියන් විසින් වැසියන්ට උවමනා ආකාරයට නොවන බව මනාව ඔප්පු කරන ආසන්නතම නිදසුන නැගෙනහිර ජැටිය පිළිබඳව ඔබතුමා සිදු කළ සසර කලකිරවන ප්‍රකාශයයි.

ලංකාවේ ජනපතිවරු සහ ආණ්ඩු හදවන්නේත් ඒ හදන ආණ්ඩු ක්‍රියා කරවන්නේත් ඒවා බිඳ දම්මවන්නේත් ප්‍රබල විදේශ සංවිධාන සහ ධනවත් පුඟුලන් විසින් බව මම දැන් ප්‍රත්‍යක්ෂයෙන් දනිමි. ලබන පෙබරවාරි හතර වැනිදා සමරන ඊනියා ස්වාධීනත්වය යනු අප අපවම රවටා ගන්නා හිස් කර්මයක් බව පැහැදිලිය. මන්ද ජනරජයේ සම්පතක් පිළිබඳව තීරණය ගන්නේ විදේශ රාජ්‍යයක උවමනාවට නම් ජනරජය ස්වාධීන විය නොහැක. ස්වෛරී විය නොහැක. නිදහස් විය නොහැක. ඒ අනුව බලන කල මේ රාජ්‍යය ජනරජයක්ද නොවේ. මන්ද රාජ්‍යයේ අයිතිය එහි වැසියන් නොවන අයටද තිබෙන බැවිනි. එහි ඇති ප්‍රජාතන්ත්‍රයකුත් නැත. මන්ද රාජ්‍යය තන්ත්‍රය සඳහා තීන්දු තීරණ ගන්නේ එහි වැසියන් විසින්ම නොවන බැවිනි.

මෙවැනි මූලධර්ම සහ ප්‍රතිපත්තිමය කාරණා ගැන මා වදවෙන බව ඔබතුමා දනී. නමුත් බහුතර ලක්වැසියන්ට මේවා ගැන අවබෝධයක් හෝ උනන්දුවක් හෝ නැති බවත් අප දෙදෙනාම දනී. අයිතියෙන් කොටස් විකිණීම “විකිණීමක්” නොව “ආයෝජනයක්” යැයි ඔබතුමා කියන්නේ එවැනි පරස්පර ප්‍රකාශ විනිවිද දැකීමට තරම් බුද්ධියක් බහුතර ලක්වැසියන්ට නොමැති බව ඔබතුමා දන්නා බැවිනි. මා බලාපොරොත්තු වූයේ ඔබතුමා ඒ ලක්වැසියන්ට බුද්ධියේ පහන දල්වනු ඇත කියාය. නමුත් ඔබතුමා කරන්නේත් අන් සියලු නියෝජිතයන් කරන්නාක් මෙන් අන්ධකාරයම පවත්වා ගැනීමකි. එය ඔබතුමාගේ පෞද්ගලික උවමනාව මත වුවත් නැතත් කොහොමත් සිදු වෙන්නේ එය බව ඔබ පිළිගත යුතුය.

මා බලාපොරොත්තු වූයේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියකි. නමුත් ජනරජයේ ප්‍රධානියාම විදේශයන්ට බැඳී ඇත. මා බලාපොරොත්තු වූයේ ලංකාවේ වරාය විසින් දකුණු ආසියාවේ වෙනත් වරාය කළමනාකරණය කරන දිනක් ඉක්මනින් උදාවනු ඇත කියාය. නමුත් දැන් සිදුවන්නේ ලංකාවේ හැදෙන වරාය ටිකත් බාල පිටස්තර ව්‍යාපාරිකයන් විසින් කළමනාකරණය කරන තැනට වැටීමයි. මා බලාපොරොත්තු වූයේ ඔබතුමා ඒ දිනවල අපට කියූ මෙරිටෝක්‍රසී ක්‍රමයට රටේ දක්ෂයාටම සුදුසු තැන දෙනු ඇත කියාය. නමුත් ඔබතුමා වරායට පත් කිරීම් කර ඇත්තේ වෙනත් රටවල උවමනාවටය. මා බලාපොරොත්තු වූයේ සියලු විධායක කටයුතු විවෘතව සහ විනිවිදභාවයකින් සිදු කරනු ඇත කියාය. නමුත් නැගෙනහිර ජැටිය අරබයා ඇස්තමේන්තු වැසියන්ට දක්වා නැත, ව්‍යාපාර සැලැස්ම වැසියන්ට දක්වා නැත, වාසි-අවාසි විශ්ලේෂණ වැසියන්ට දක්වා නැත, විකල්ප සැසඳුම් වැසියන්ට දක්වා නැත, අවදානම් කළමනාකරණ සැලසුම් වැසියන්ට දක්වා නැත, විවෘත ටෙන්ඩර් පටිපාටි නැත…

මා බලාපොරොත්තු වූයේ කෙතරම් අපහසු වුවත් ඔබතුමා හරි දෙයම හරි විදිහට හරි තැන හරි වේලාවට කරනු ඇත කියාය. සියලු බාධක හමුවේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිනු ඇත කියාය. නමුත් ඔබතුමා පීඩනය ඉදිරියේ සැලී ඇත. ඉතා විශාල වන්දියක් ගෙවා උගත් වටිනා පාඩම් ඔබතුමාට අමතක වී ඇත. ඔබතුමා පසුපසින් අවංක දක්ෂ ශක්තිමත් කණ්ඩායමක් නැත. ඉන්නේ මිත්‍යාදෘෂ්ටික අවස්ථාවාදී අහංකාර බිස්නස්කාරයන් කිහිපදෙනෙකි. එවැනි තත්ත්වයක් හමුවේ ඉදිරියට යහපතක් වේ යැයි සිතන්නට බැහැ ජනපතිතුමනි. ඔබ විසින් ඔබවම අර්බුදයට පත් කරගෙන ඇත.

ඔබතුමා නිල වශයෙන් ජනපතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කළ දිනයේ හිටපු ජනපති ගරු මහින්ද රාජපක්ෂ මහතා සිය විශිෂ්ට කතාව අවසානයේ ඔබ දෙසට ඇඟිල්ල දිගු කරමින් කියූ ප්‍රකාශය මාගේ දෙසවනේ දෝංකාර දේ. “මට පළමුව වටින්නේ මගේ රට… දෙවනුවත්… තෙවනුවත් මට වටින්නේ මගේ රට… ගෝඨා! ඔබටත් එය එසේ විය යුතුයි!!!” යනුවෙන් ශාලාව ගුගුරවමින් ඒ කියූ වචන අද මහත් බරකින් දැනේ.  ඔබතුමාට ඒවා මතකද?

ඔබේ විශ්වාසී

එරන්ද ගිනිගේ
වැසියා
2021 ජනවාරි 15

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාස 11ක් තුළ පී.සී.ආර් පරීක්ෂණ සඳහා රජය කෝටි 648ක් වියදම් කරලා…

Next Post

ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.