ඉදිරියේ දී ජනාධිපති කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට රටට පැමිණෙන රාජ්‍ය නායකයන්, විශේෂ අමුත්තන් හෝ ඉහළ පෙළේ ප්‍රභූන් සමග පුද්ගලික ඡායාරූප හෝ සෙල්ෆි ඡායාරූප ගැනීම තහනම් කරමින් ජනාධිපති කාර්යාලයෙන් උපදෙස් මාලාවක් නිකුත් වී ඇතැයි ඩේලි මිරර් පවසයි.
මේ වනවිට ජනාධිපති කාර්යාලයේ සියලුම නිලධාරීන් මේ සම්බන්ධව දැනුම්වත් කර ඇති අරත කිසිම අවස්ථාවක ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කරන නිල ඡායාරූප හැරුණු විට වෙනත් කිසිම ඡායාරූපයක් සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යයක් වෙත මුදා හැරීම ඒ මගින් තහනම් කර ඇත.
මෙම පියවර ගැනීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය ජූලි 28 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් සමග ඇතැම් නිලධාරීන් පෞද්ගලිකව ඡායාරූප ලබාගෙන එම ඡායාරූප සමාජ මධ්‍යවල පලකිරීමය.
සමාජ මධ්‍යවල පලකිරීමත් සමග ඒ ඡායාරූප සඳහා ලැබී ඇති ප්‍රතිචාර සැලකිල්ලට ගෙන මෙම තීන්දුව රැගෙන ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.







