අද (17 ) සවස පැවැති ජනසතු සේවා ක්රිකට් සංගමයේ නිලවරණයේදී 2015 සිට එහි සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එය සිය භුක්තියට සවි කරගත් යාව ජීව නිලයක් සේ පරිහරණය කළ ෂම්මි සිල්වා පාර්ශවයේ සමීපතමයෙක් වන නලින් අපෝන්සු තාක්ෂණික හේතුවක් මත මහා සභා රැස්වීමෙන් ඉවත් කර ඇත.
වරාය අධිකාරියේ ක්රීඩා සමාජය නියෝජනය කරමින් ඔහු ජනසතු සේවා ක්රිකට් නිලවරණ රැස්වීමට ඒමට නියමිතව තිබුණි කෙසේ වෙතත් එම ක්රීඩා සමාජය ඊයේ ( 16) ජනසතු සේවා ක්රිකට් සංගමයට දන්වා ඇත්තේ තමන් තාවකාලිකව ජනසතු සේවා ක්රිකට් සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වන බවය.
එබැවින් තමන්ගේ කිසිම සේවකයෙක් මෙවර ජනතු සේවා ක්රිකට් සමාජය නියෝජනය නොකරන බවත් මෙම විධායක කමිටු තීරණය අනුව ක්රියා කරනු ඇතැයි තරයේ විශ්වාස කරන වරාය අධිකාරී ක්රීඩා සමාජය ජනසතු සේවා ක්රිකට් සමාජය වෙත පැහැදිලිව දන්වා ඇත. මේ තත්ත්වය හේතුවෙන් නලින් අපෝන්සුට නිලවරණයෙන් ඉවත් වීමට සිදුවී තිබේ.
ඒ අනුව මෙතෙක් එහි ලේකම් ලෙස කටයුතු කළ ලංකා බැංකුවේ යූ. ඉමල්ෂා එළඹෙන වසරේ සභාපති ලෙස තේරී පත්ව ඇත.
ක්රිකට් ආයතනයේ නිලවරණයට කලින් එහි සාමාජික සංගම් හා සමාජ තම නිලවරණ පැවැත්විය යුතු අතර මෙම නිලවරණයේදී නලින් අපෝන්සුට සිදුවූ පරාජය ඔහු සහාය දක්වන ෂම්මි සිල්වා පාර්ශ්වයටද අත්වූ පරාජයක් ලෙස සැළකේ








