වයස අවුරුදු 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (18) මැලේසියාවේ බංගිහි දී ඔස්ට්‍රේලියාව හා ස්කොට්ලන්තය අතර තරගයෙන් ආරම්භ වේ. අද දිනයේදී තරග 6ක් පැවැත්වීමට නියමිතය.
කණ්ඩායම් 16ක සහභාගිත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ මූලික වටය ‘A’,’B’,’C’ හා ‘D’ ලෙස කාණ්ඩ 4කින් සමන්විත වේ.
මූලික වටය ජනවාරි 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඉන් අනතුරුව සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන තුන හිමිකරගන්නා කණ්ඩායම් දෙවන වටය හෙවත් සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි.
මේ සඳහා මූලික වටයෙන් කණ්ඩායම් 12ක් තෝරාගන්නා අතර, ඔවුන් සුපිරි 6 වටයේ දී කාණ්ඩ දෙකක් යටතේ තරග කිරීමට නියමිතය.
එම කාණ්ඩ දෙකේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට අවස්ථාව හිමිවේ.
ශ්‍රී ලංකාව මෙහි ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකරන අතර, ඒ යටතේ ඔවුන් ක්‍රීඩාකරන පළමු තරගය සත්කාරක මැලේසියාවට එරෙහිව හෙට (19) පැවැත්වීමට නියමිතව ඇත.
2023 වසරේ දකුණු අප්‍රිකාවේදී ආරම්භ වූ මෙම තරගාවලියේ මංගල විස්සය20 ලෝක කුසලානය දිනාගැනීමට ඉන්දියාව සමත් විය.







