ලබන වසරේ සිට නව වාහන ලියාපදිංචියේදී වාහන අංක තහඩුවේ ඇති පළාත සඳහන් ඉංග්රීසි අකුරු (WP,CP,SP ආදී ඉවත් කරන බව මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මෙම තීරණය 2023 ජනවාරි 1 වැනිදා සිට ක්රියාත්මක වීමට නියමිතය.
පළාත් අතර වාහන හිමිකාරිත්වය පැවරෙන සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදුවන විට පාරිභෝගිකයන් මෙන්ම මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව ද දුෂ්කරතා රැසකට මුහුණ පෑම හෙතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව පවසයි.







