කොළඹ නගරය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් වශයෙන් විෂ මත්ද්‍රව්‍ය සිදුකර ඇති හානිය මැනවින් අත් දැක ඇති බවත්, එම මත්ද්‍රව්‍ය උවදුර වැලැක්වීම සඳහා ලබා දිය හැකි සෑම සහයෝගයක්ම රජයට ලබා දෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද ( 02) පැවසුවේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ දී කැඳවූ විශේෂ මාධ්‍ය හමුවක් අතරය.
මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“මේ වනවිට කොළඹ නගරය තුළත් අති විශාලව තරුණ පරපුරක් මත්ද්‍රව්‍ය විසින් ගිල ගන්නා ආකාරය දැක තිබෙනවා. මේ උවදුර වළක්වා ගැනීමේ වැඩසටහනට අපිත් දායක වෙනවා. ක්‍රියාකාරී සහයෝගය දෙනවා.
අපේ ආණ්ඩු කාලෙත් යම් යම් වැඩපිළිවෙළ රැසක් මත් උවදුර සහ පාතාලය මර්ධනය කරන්න දියත් වුනා. කුඩු අල්ලන එකට සහ පාතාලය මර්ධනය කරන එකට අපේ සම්පූර්ණයෙන් සහයෝගය තියනවා. ඊට එරෙහිව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න තබා අදහසක්වත් අපේ නෑ.
අපි දන්නවා රටේ සෑම ආණ්ඩුවක්ම කුඩු පාතාලය මර්ධනය කරන්න අඩු වැඩි වශයෙන් දායක වෙලා තියනවා. මේ ජනාධිපතිතුමාත් ඒ පාතාලය කුඩු මර්ධනය කරන්න වැඩක් පටන් ගත්තා. ඒක හොඳ දෙයක්. ඊට එරෙහි වන්නේ හෝ කකුල් මාට්ටු දාන්නේ නෑ.
ඒ ක්‍රියාදාමය අප අගයනවා. මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීවේය.







