බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ බැනුම නින්දිතයි… මට ජීවිතය ගැන බයයි… විජේදාස මාධ්‍යයට කියයි…

by editor
අප්‍රේල් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (16) සවස අභයාරාමයේ දී කොළඹ වරාය නගරය සම්බන්ධව තමන් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව  ගැන විමසමින්  අද උදේ ජනාධිපතිවරයා විසින්  රාජ්‍ය නායකයෙකුට නුසුදුසු පහත් නින්දාසහගත ආකාරයෙන් තමන්ට බැණ වැදුණු බවත් රටේ රාජ්‍ය නායකයා මේ ආකාරයෙන් තර්ජනය කිරීමත් සමග තමන්ටත් තම පවුලටත් බරපතල ජීවිත අනතුරකට මුහුණ දීමට සිදු වී ඇති බවත් පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ  මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.

ආවේගයෙන් යුතුව වෙවුලමින් ඉතා පහත් අන්දමින් මෙසේ බැණ තර්ජනය කිරීම සම්බන්ධව තමන් පොලිස්පතිවරයාට පැමිණිළි කළ බවත් ඒ සම්බන්ධව ලිඛිතව දැන්වීමට කටයුතු කළ බවත් මන්ත්‍රීවරයා කීය.

වැඩිදුරටත් ඔහු මෙසේ ප්‍රකාශ කළේය.

“අද උදේ 9ට පමණ අතිගරු ජනාධිපති තුමා මට දුරකථනයෙන් කතා කළා. එතුමාගෙ දේශපාල පරිණත භාවය අඩු බව මම දන්වා. ඒ නිසා මම බලාපොරොත්තු උනා  මේ කතා කරන්නේ මා මතුකළ කාරණා  පිළිබඳව ඇති ගැටලු සාකච්ඡා කරලා රටට යහපතක් වන විදිහට ගැටලු නිරාකරණය කරගන්නෙ කියලා. අඩු ගානේ කථිකාවක් ඇති කරගන්න වෙන්න ඇති කියලා.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

නමුත් එතුමා කතා කළ භාෂාව ඉතාමත්ම පහත්. රටේ රාජ්‍ය නායකයෙකුට නොගැලපෙන  ද්වේශයකින්, වෛරයකින් ආවේගයකින් වෙවුලමින් එතුමා ඉතා පහත් මට්ටමින් මට කතා කළා. රටේ රාජ්‍ය නායකයා කවුරු වුනත් අප  ඔහුට  ගරු සරු ඇතිව   කතා කරන්න පුරුදු වෙලා ඉන්නවා.  නමුත් මේ කතා කරන විලාශය එක්ක අකමැත්තෙන් නමුත් එතුමා ආමන්ත්‍රණය  කළ භාෂාවෙන්ම එතුමට ප්‍රතිචාර දක්වන්න මට සිද්ධ වුනා. ඒක ඉතාම නරක දෙයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ජනතාව විසින් අයෙක් පත් කරලා පාර්ලිමේන්තුවට එවීමෙන් ජනතාව    බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ අයිතිය සුරැකීම. රටේ ප්‍රශ්නයක් සම්බන්ධව මා එහෙම කතාකරපු එක වරදක් විදිහට දකිනව නම් අපි කොහොමද මේ රට නිවැරදි තැනකට ගෙනියන්නේ.

එතුමා වැරදි වැටහීමකින් කතා කළේ. බැසිල් රාජපක්ෂ මහත්මයා ගැන මා කතා කරන්නේ අද ඊයෙක නොවෙයි. ඔහු දූෂිතයෙක් කියලා මම ප්‍රසිද්ධියෙ කියනවා. ඊයෙත් කිව්වා. මා මතුකළ තර්කය එතුමා එතුමගෙ දරුවන්ට ආරෝපණය කරගෙන මට බැන්නා. මම කිව්වා දරුවො මේකට සම්බන්ධ නෑ. මම කිව්වෙ ඒ ගොල්ලන්ගෙ දරුවන්ට ජීවත්වීම සඳහා සුදුසු සුරක්ෂිත වටපිටාවක් හදලා ඒ රටවල පුරවැසි භාවය ඇතිව ජීවත් වෙනවා.  හැබැයි මේ පනත  සම්මත කළාට පස්සේ අපේ රටේ මිනිස්සුන්ගෙ දරුවන්ට ජීවත්වෙන්න රටක් නැතිව යෑමේ බරපතල අවදානමක් තියනවා කියන එක කියලා.

ඒ වගේ කාරණාවක් කීම,  එය මාධ්‍යයේ ප්‍රකාශයට පත් කිරීම බරපතල ප්‍රකාශයක් සේ දැකලා පහත් ආකාරයට මන්ත්‍රීවරුන්ට මෙහෙම තර්ජනය කරනවා නම් ඒක බරපතල කාරණාවක්. ජනාධිපතිවරයෙක් මෙහෙම තර්ජනය කරනකොට අපට ජීවිත ගැන බයක් තියනවා.

අපේ දරුපවුල් ගැන සාමාජිකයන්ගෙ ජිවිත ගැන බයක් ඇති වෙනවා.

මේ පිළිබඳව පොලිස්පති තුමාට ලිඛිතව දැනුම් දුන්නා.  රට වෙනුවෙන් මේ රටේ මිනිස්සු වෙනුවෙන්  බෙල්ල තියපු අපට මේ විදිහට නම් ආණ්ඩුව සලකන්නේ, රාජ්‍ය නායකයා සලකන්නේ අපේ ජීවිතවල වගකීම ජනතාවට භාර ගන්න කියලා මා කියනවා.

මීට පෙර කෝප් වාර්තා ඉදිරිපත් කරනකොට මගේ නිවසට ඇවිත් වෙඩි තියලා ගියා. මීට පෙර පාර්ලිමේන්තුවෙදි මේ වාර්තා ඉදිරිපත් කරන්න යද්දි එස්.ටී.එෆ් එකෙන් අසූවක් දාල මගේ ගේ වටකරලා තිබ්බා.

ඒ කාලසීමාවෙ මගෙ ගේ අසල මාසයක් යුද හමුදාවේ   වෑන් එකක් තිබුණා මේ ගේ ලඟ. ඒ අය ගෙදරට එන දුරකථන ඇමතුම් රෙකොඩ් කළා. අපි  ඒවා දැනගෙන හිටිය. හැබැයි අපි බැඳිලා ඉන්නේ ජනතාව වෙනුවෙන් අවශ්‍ය වගකීම් ඉටු කරන්න.

පෝට් සිටි නගරය මම ඉල්ලුවෙත් නෑ. ලියල දෙන්න කිව්වෙත් නෑ.  මම කිව්වෙ ඒක මේ රටේ ජනතාවගෙ අයිතිටය තියන්න කියලා. අපේ රටෙන් වෙන් කරලා වෙනම පනතක් යටතේ චීන කොළනියක් බවට පත් කරන්න එපා කියලා. චීනය විසින් මේ රට දැනටමත් ආර්ථික වශයෙන් ආක්‍රමණය කරලා හමාරයි. මේ යන විදිහට මේ රට චීන කොලණියක් වන එක නවත්වන්න බෑ.

මේ නිසා ඉන්දියාව හා බටහිර රටවල් අපට ප්‍රති ප්‍රහාර එල්ලකරනවා. හේතුව ඒ අයගේ සතුරාට පහසුකම් සැපයීම. මේ භයානක තත්වය කිව්වම ජනාධිපතිවරයෙකුට කේන්ති යනවා නම් එතුමාට මේ රට පිළිබඳ තියන හැඟීම මොකක්ද කියලා තමයි රට ඉදිරියෙ අප තබන්නේ.

නිවුස් හබ් වෙබ් අඩවිය එම කතාව පල කර තිබූ අයුරු…

Tags: නවතම
Share69Tweet43
Previous Post

සාම්පලේට හොඳ පොල්තෙල් වෙළෙඳපොළට වස පොල්තෙල් කූඨ ජාවාරමේ තොරතුරු එළියට

Next Post

ගෙල වැල ලාගෙන මිය ගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයෙක්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.