පහත සඳහන් සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
- විදුලි සැපයුමට සම්බන්ධ සියලුම සේවාවන්
- ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සේවාවන්
- තැපැල් සේවය
- රෝහල්වල, සාත්තු නිවාසවල සේවා, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පරීක්ෂා කිරීමේ සේවා, රෝගීන් රැකවරණය පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු සියලුම සේවාවන්, සෞඛ්‍ය සේවාවට අදාල වැඩ හෝ ශ්‍රමය ඇතුළත් සියලුම සේවා .
ඒ අනුව මෙම සේවාවන් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස පවත්වා ගත යුතුව ඇතැයි රජය දැනුම් දෙයි.







