ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර දීම ආරම්භ කර තිබේ.
ඇප මුදල් භාර දුන් අනුපිළලිවෙළ අනුව නාම යෝජනා භාර දෙන්න අංක පිළිවෙළක් සකස් ඇත. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ . 1 සිට 8 දක්වා නාම යෝජනා පත්‍ර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙතත් 9 සිට 16 දක්වා නාම යෝජනා පත්‍ර එම්.ඒ.පී.සී පෙරේරා වෙතත්, 17 සිට 24 දක්වා නාම යෝජනා පත්‍ර අමීර් ෆායිස් වෙතත්, 25 සිට 32 දක්වා නාම යෝජනා පත්‍ර ෂන්මුගනාදන් වෙතත්, 33 සිට 40 දක්වා නාම යෝජනා පත්‍ර මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක වෙතත් භාර දීමට සැලසුම් කර ඇති බවය.
ස්ථානයේ ඇතිවන තදබදය අඩු කරගැනීම සඳහා එම වැඩපිළවළ දියත් කර තිබිණි. මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක නාමයෝජනා පත්‍රයක තිබිය යුතු මූලික ලේඛන ස්වරුපය ගැන පැහැදිලි කරමින් මෙසේ කිවේය.
මේ අවස්ථාවේ දි ඇතිවන ලේඛන ගැටලු විසඳා දීම සඳහා නාම යෝජනා ශාලාවෙන් පිටත නීති උපදේශක කණ්ඩායමක් ඉන්නවා. අද දවස 9 සිට 11 දක්වා පමණයි නාම යෝජනා භාර දිය හැක්කේ. නාමයෝජනා පත්‍රය භාරදිය හැක්කේ අපේක්ෂකයා විසින් හෝ ඔහුගේ නාම යෝජනා පත්‍රය අත්සන් කළ තැනැත්තා විසින් පමණයි.
පිළිගත් දේශපාලන පක්ෂයක නාමයෝජනා ඒ පක්ෂයේ ලේකම්වරයා විසින් අත්සන් කළ යුතුයි. වෙනනත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් කරනවා නම් එම දේශපාලන පක්ෂයේ ලේකම්වරයා විසින් අත්සන් කළ යුතුයි.
ඒ වගේම ඡන්ද හිමියෙක් විසින් යෝජනා කරන අපෙක්ෂකයෙක් ඡන්ද හිමි නාමලේඛනයේ නමක් සඳහන්වන එම ඡන්ද හිමියා විසින් අත්සන් කළ යුතුය.
නාම යෝජනා කරන පුද්ගලයාගේ අත්සන සමාදාන වින්ශ්ඡයකරුවෙක් විසින් ප්‍රසිද්ධ නොතාරිස්වරයෙක් විසින් අත්සන් කළ යුුතුය. නිල මුද්‍රාව තැබිය යුතුයි. . ඊට යටින් අපේක්ෂකයා අත්සන් කළ යුතුයි.
එක් එක් අපේක්ෂකයෙක් වෙන් වෙන්ව හෝ එක්වරම නාම යෝජනා පත්‍ර තුනම භාර දීමට හැකියාව තියනවා. නාම යෝජනා පත්‍ර තුනම අත්සන් කර සහතික කළ යුත්තේ එකම පුද්ගලයෙක් විසිනි. එසේ නොවුනහොත් නාම යෝජනා කර නොමැති ලෙස සැලකෙනවා. ඕනෑම අපේක්ෂකයෙකුට නාම යෝජනා පත්‍ර එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ වෙන වෙනම හෝ එකවර භාර දිය හැකිය.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේය. මේ වනවිට නාමයෝජනා පත්‍ර භාර දීම සිදුවෙමින් ඇත. මැතිවරණ කොමිෂන් සභා කාර්යාලය අවට අති විශේෂ ආරක්ෂාවක් සලස්වා තිබේ..







