බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රයිසි අම්මා සහ මහ ගෙදර

by editor
මැයි 23, 2024 - Updated on මැයි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඇත්ත මිනිස්සුන්ගේ ඇත්ත ජීවිතය සමහරවිට ලෝකය දකින්නේ ඔහු ජීවිතයෙන් සමුගත් පසුය. ජීවිතය මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන් කැප කරන ඒ මිනිස්සුන්ගේ ගැඹුරු ජිවිත දර්ශනය අපට වැටහෙන්නේ නැත. එහෙත් ඒ ඇත්ත දකින විට අප මොනතරම් පුංචි දුහුවිලි මිනිසුන්දැයි අපටම සිතෙන්නේය.

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දැන් ඉතිහාසයේ චරිතයකි.  හරියටම මිට මාසයකට දවසකට පෙර රයිසි හිටියේ ලංකාවේය. ඒ අප්‍රමාණ පෞරුෂයක් සහිත ජීවය පිරුණු බබලන තියුණු  මිනිසා ඉදිරියේ අපේ වියලි පරඬැලි වැනි අජීවී මිනිස් පරාණ අතර තේරුම් ගත නොහැකි මොකක්දෝ වෙනසක් දුටුවෙමි.

එය කුමක්දැයි වැටහුනේ රයිසිගේ අවසන් කටයුතු සඳහා   ඔහුගේ  උපන් ගම්පළාතවූ   ටෙහෙරානයේ සිට කිලෝමීටර් 900ක් (සැතපුම් 560ක්) නැගෙනහිරින් පිහිටි  මාෂ්හාඩ් වෙත ඔහුගේ දේහය රැගෙන ගිය අවස්ථාවේ ය.

රයිසිගේ මහගෙදර තිබු‍නේ මාෂ්හාඩ්හි ය. ඔහුගේ අම්මා හිටියේ ඒ මහ ගෙදරය. මාධ්‍යය මේ මහා නායකයාගේ මහ ගෙදර ගැන අවධානය යොමු කළේ ඔහුගේ මවත් ඒ නිවසේ ජිවත්වන බැවිනි.

මහේශාඛ්‍ය නිවසක් පිළිබඳ බලාපොරොත්තුවෙන් ගිය මාධ්‍යයට නිරාවරණ වන්නේ ඇදහිය නොහැකි තරම් සරල,  ඉරානයේ අතිශය සාමාන්‍ය පහළ මධ්‍යමපන්තික නිවසකි. එහි ඉතා සාමාන්‍ය ජිවිතයක් ගතකරමින් සිටි වියපත් මාතාවකි. බටහිර තිගස්වමින් ඉරානය ආණ්ඩුකළ විද්වත් ප්‍රභූ නායකයා ඒ අම්මාගේ පුතාය.  පහත දැක්වෙන්නේ හිටපු ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසිගේ මහ ගෙදරය. ඔහුගේ අම්මා ඒ මහගෙදර ජිවත්වන අයුරුය.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඒ දැකුම දුටු සියක් දෙනාට අදහාගත නොහැකිව තිබිණි. බොහෝ දෙනා විමසා සිටියේ “මෙය ඇත්තක් ද ?” කියාය.

ඒ පුතා අවසන් ගමන් ගියවිට ලක්ෂ තිහකට වැඩි ජන ගඟක් මහ මගට බැස්සේ ඇයිදැයි දැන් ලෝකයට වැටහෙන්නේය. ඇත්ත මිනිස්සු ඇත්තටම ජීවත්වන්නේ මිනිස්සුන්ගේ හදවත් තුළය. ඇත්ත මිනිස්සු ප්‍රභූත්වය උපයා ගන්නේ රුපියල් ශත වලින් නොව ඇත්ත ජිවිතයෙන්ය.

රයිසිට අවසන් ගෞරව දැක්විමට විදි බට මිනිස්සු..

රයිසිගේ මහ ගෙදර රූප රාමු දකිමින් අයෙක් මෙසේ සටහන් කර තිබිණි. “ මේ දැකුම  ආත්මය කැළඹීමක්.    මෙම කාන්තාව  බටහිරට   සදාතනික කටුවක් බවට පත් වූ මෙතරම් විශිෂ්ට නායකයෙකු ඉරානයට බිහි කළේ මන්දැයි පෙන්නුවා”

“තමන්ට ධනය ඉපයීමට නොව තම ජනතාව වෙනුවෙන් වැඩ කිරීම වෙනුවෙන් ජිවිතය කැප කරන සැබෑ     දේශපාලකයන්ගේ අදහස මිනිසුන්ට හුරු නැත.” තව අයෙක් සමාජ මාධ්‍ය ඔස්සේ කළ සටහන අපටත් මොනතරම් ගැලපේදැයි කල්පනා කළෙමි.

මෙවැනිම වීඩියෝවක් මින් පෙර දැක ඇත්තෙමි. ඒ ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාම්ගේ මහ ගෙදරය ගැන පලවූ වීඩියෝවකි. ඉන්දියාවේ අතිශය සාමාන්‍ය ආටෝප රහිත  නිවසට ඇය ඉන්දියාවේ මහේශාඛ්‍ය දේශපාලකයින් සහ විද්වතුන් රැගෙන ගොස් සිය වියපත් ගැමි පියා හඳුන්වා දෙන ආකාරය දැක්වෙන එම වීඩියෝව රයිසිගේ මහ ගෙදර දුටුවිට සිහිවිය.

රයිසි සහ අපේ නායකයන් අතර දුටු මොකක්දෝ වෙනස තේරුම් ගන්නට ඔහු මිය යනතුරු ඉන්නට සිදුවිය. රයිසි මිය යන්නේ අපි  දීන බංකොලොත් ජාතියක් බවට පත් වී ඇති ඇත්ත හේතුව කියා දෙමිනි. රට බංකොලොත් කළ දේශපාලන පඩංගුවල හැත්ත බුරුත්ත  තවමත් මේ බංකොලොත් රට තුළ නඩත්තු වන්නේ අපේ බදු මුදලිනි. විලි ලජ්ජාව නැත්තේ ඔවුන්ට නොව අපටය.

ඉඳුල් මිටකට නගුට වනන සුනඛයින්ට වඩා වෙනස් දැක්මක් මිනිසෙකුට නැතිනම් ඒ මිනිස් සමාජයට දියුණු මනුෂ්‍ය වාසයක් හදාගන්නට බැරි බව රයිසි කියා ගියේය.

රයිසි නොකීවත් මේ තරම් කෙළවුන පසුත් එය නොතේරේනම් මහත්වරුනි… උඹලාට අබ සරණය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රත්ගම පිංතාලිය දුම්රිය හරස් මගදී දුම්රියේ ගැටුනු තරුණයින් 03ක් මරුට….

Next Post

එල්පීඑල් ක්‍රීඩක වෙන්දේසියේ සූදු කෙළිය ක්‍රීඩක ඒජනත්වරුන් ඇතුළු පිරිසක් ගැන දැඩි පොලිස් විමර්ශන…

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.