සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති මුක්තිය නිසා පාස්කු ප්‍රහාරය සම්බන්ධ   ජනපති රනිල් ගේ නඩු  බහා තබයි…

හිටපු ජනපති මෛත්‍රීට එරෙහි නඩු විභාගය ඇරඹෙයි...

by editor
දෙසැම්බර් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඒ.ජේ. අබේනායක –

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා  ඇති වන්දි නඩුකරවල 2 වැනි විත්තිකරු ලෙස නම්කර සිටින  ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35(1)  ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන්  ඔහුට එරෙහි නඩු ඔහු ජනාධිපති ධුරය දරන කාලසීමාවට  පමණක් බහා තබන ලෙසට මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන්  තාරක හීනටිගල   ඊයේ (15 දා) නියෝග කළේය.

කෙසේ වෙතත් එම නඩුකරවල සියලු විත්තිකරුවන්ට එරෙහි නඩු බහා තබන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු  පොලිස්පති පූජිත් ජයසුන්දර  විසින් කරන ලද  ඉල්ලීම මීගමුව අතිරේක දිසා විනිසුරු විසින් ප්‍රතික්ෂේප කරන  ලදී.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ  හැර අනෙකුත් සියලුම  විත්තිකරුවන්ට එරෙහිව එම නඩු පවත්වාගෙන යෑමට අතිරේක දිසා විනිසුරු නියෝග කළේය.

කටුවාපිටිය පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන් විසින් මීගමුව දිසා අධිකරණයේ පවරා ඇති වන්දි නඩුකර  182ක් අතරින් නඩු 33ක් පසුගිය ඔක්තෝබර් මස 31 වැනිදා  කැඳවූ අවස්ථාවේ දී, මෙම නඩුකරවල 02 වැනි විත්තිකරු  ලෙස නම්කර සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා  සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 35(1) ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන  ප්‍රකාරව රනිල් වික්‍රමසිංහට ජනාධිපති මුක්තිය හිමිවීම හේතුවෙන් සහ විශේෂයෙන්ම එම ප්‍රතිපාදන අර්ථ නිරූපණය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පසුගිය සැප්තැම්බර් 26 වැනිදා ප්‍රකාශ කරන ලද තීරණය ප්‍රකාරව එම නඩුකර ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බැවින් ඔහුට එරෙහි එම නඩු  බහා තබන ලෙසයි.

එම අවස්ථාවේ දී මෙම නඩුකරවල 01, 02 සහ 03 විත්තිකරුවන් ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර   වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට සැල කර සිටියේ රනිල් වික්‍රමසිංහගේ නඩුව බහා තබන්නේ නම් මෛත්‍රිපාල සිරිසේන ඇතුළු සියලු  විත්තිකරුවන්ට එරෙහි නඩු බහා තැබිය යුතු බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පැමිණිලිකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ වරුණ සේනාධීර   ප්‍රකාශ කර සිටියේ රනිල් වික්‍රමසිංහ ට එරෙහිව නඩු බහා තැබීමට කරනු ලබන ඉල්ලීම හබ නොකරන නමුත් අනෙක් විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු පවරා පවත්වාගෙන යෑමට කිසිදු නෛතික බාධාවක් නොමැති බැවින් 01, 02 සහ 03 වන විත්තිකරුවන්ගේ නීතිඥවරුන් විසින් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසයි.

ඒ අනුව මෙම කරුණට අදාළ විමසීම ලිඛිත දේශන මගින් සිදුකිරීමට නියෝග කළ මීගමුව අතිරේක දිසා විනිසුරු නුවන් තාරක හීනටිගල ඊයේ (15 දා) දින එයට නියෝගය නිකුත් කළේය.

දිවයින –

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සපුගස්කන්ද යළි මෙහෙයුම් අරඹයි…

Next Post

බිත්තරයක් 55යි… බිත්තර නිශ්පාදකයෝ මිල නියම කරති…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.