ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ අධ්‍යයන ආයතනයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
පර්යේෂණ ඔස්සේ රටේ ඉතිහාසය පිළිබඳ දැනුම වර්ධනය කිරීම මෙම ආයතනයේ අරමුණ බව ජනාධිපතිවරයා කීවේය.
“අද ඉතිහාසය අමතක වෙලා තිබෙන්නෙ. විශේෂයෙන්ම මේ ආයතනය ඇති කරන්න යන්නේ අපේ රටේ ඉතිහාසය පිළිබඳ දැනුම ලබා දෙන්න. ඒ වගේම පර්යේෂණ ඇති කරන්න. මහා වංශයට වඩා අද ඉතිහාසය වෙනස් වෙලා තිබෙනවා.“
“මහාවංසයේ තිබෙන්නේ එක කණ්ඩායමක අදහස්. නමුත් තවත් අදහස් තිබෙනවා. අපි මේ ගැන සොයා බලා ලංකාවේ ඉතිහාසය පිළිබඳව මේ ආයතනය ඇති කරලා ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.“







