බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති අහන සරල ප්‍රශ්නවලටවත් උත්තර දෙන්න නිලධාරීන් ලඟ දත්ත නෑ… ඉදිරි සති 02 තුළ වැඩ සැලැස්මක් නැතිව මහනුවර නිලධාරීහු නිරුත්තර වෙති!

by editor
දෙසැම්බර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය  මහනුවර සිට –

අද ( 06) ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  පැවැත්වුන ඇති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමටු රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් විමසන මූලික සාධනීය දත්ත ඉදිරිපත් කිරීමට ක්ෂේත්‍ර ගණනාවක නිලධාරින් අපොහොසත්වීම කැපී පෙනෙන සිදුවීමක් විය.

ජනාධිපතිවරයා ඉලක්ක කර විමසා සිටියේ සාමාන්‍ය ජනතවාවට සාමාන්‍ය ජන ජීවිතයට ප්‍රවේශ වීමට අවශ්‍ය මූලික අවශ්‍යතා ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළට නිලධාරීන්ගේ ඇති සූදානමය.

එහෙත් ගොවිජන සේවා(මධ්‍යම පළාත් )නියෝජ්‍ය කොමසාරිස් ටී.ඒ.රණසිංහ හැර වෙන කිසිම නිලධාරියෙක් වෙත ජන ජීවිතය පුනරුත්ථාපනය කර පවත්වාගැනීම සඳහා වූ ඉදිරි ප්‍රායෝගික වැඩපිළිවෙළක සැලැස්මක් නොතිබුන බව පෙනුණි.

ආපදාවෙන් දින 10කට පසු    ජලය, ආහාර, විදුලිය, මාර්ග පද්ධතිය,  ඉන්ධන සැපයුම්, වාරිමාර්ග ඇතුළු අත්‍යාවශ්‍ය සේවා යථාවත් කිරීම සඳහා, මෙතෙක් පැවති ප්‍රමාණය, හානියට පත් වූ ප්‍රමාණය, මේ මොහොත වනවිට යථාවත් කළ ප්‍රමාණය, බරපතල තත්ත්වයේ පවතින ප්‍රමාණය, මෙම තත්ත්වය සමහන් කරගැනීම වෙනුවෙන් බිම් මට්ටමේ ඇති සැලසුම ගැන කළ විමසීම්වලදී ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා හැර කිසිවෙකුට නිශ්චිත පිළිතුරක් නොතිබිණි.

ලබා දුන් පිළිතුරු ද අනුමාන සහිත ඒවා විය. ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයා පමණක් තමන් සතුව ඇති පොහොර ලබා දුන් ලේඛන අනුව කඩිනමින් වගා කළ හැකි ඉඩම් ප්‍රමාණය, අපාදාවට ලක් වී ඇති ඉඩම් ප්‍රමාණය, ආපදාවේ ස්වරූපය, බරපතල භූමි හානි සිදුවූ ගොවි බිම්, ඇතුළු දත්ත සහිත වාර්තාවක් ඉදිරිපත් කළ හැකි බව ප්‍රකාශ කළ අතර එම වාර්තාව අනුව හැකි ඉක්මනින් ගොවිබිම්වල වගා කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වන්දි සහ ප්‍රදානයන් ලබා දීමට කටයුතු කරන බව ද දැන්වූයේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අර්බුද අවස්ථාවක දී රාජකාරී සීමා කොටු කරගෙන නොසිට අනෙක් රාජ්‍ය සහ පුද්ගලික ආයතනයන් සමග සම්බන්ධීකරණයෙන් ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම රජයේ නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

මහනුවර පානීය ජල ව්‍යාපෘති 20න් 18ක් ආපදාවට ලක් වී ඇති බවත්, ඉන් 16ක් යථාවත් කළ ද තවත් මධ්‍යස්ථාන දෙකක් යථාවත් කරමින් පවතින බවත් අනාවරණය විය.  ඉදිරි දින තුන තුළ මෙම ව්‍යාපෘති දෙකත් යථාවත් කරන බවට නිලධාරීන් පැවසුව ද දින දෙකක් තුළ මෙය නිම කළ හැකිදැයි සැක සහිත බවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය විසින් දන්වා සිටියේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහියංගණය රෝහලේ සේවය කිරීම ජීවිත අවදානමක්… විශේෂඥ අධිකරණ වෛද්‍යවරියගෙන් පැමිණිලි කරයි!

Next Post

රාජ්‍ය සේවකයින්ගේ දේශීය හා විදේශීය වැටුප් රහිත නිවාඩු අවලංගු කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.