සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති අණින් සහල් තොගවල දත්ත ගන්න පාරිභෝගික සේවා නිලධාරීහු අද ඩඩ්ලි සොයා යති!

by editor
ඔක්තෝබර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

  • දෙදින මෙහෙයුමෙන් පොලොන්නරුවේ සියලු සහල් තොගවල දත්ත රැස් කර ඉවරයි!

පොළොන්නරුවේ ප්‍රධාන පෙලේ සහල් මෝල් හා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් මෙන්ම සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික නිලධාරීහු ආරම්භ කළහ.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ හා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් පරිදි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ සහල් මෝල්වල පවතින සහල් හා වී තොගයන්හි සංචිතයන් හා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිලිබඳව සොයා බැලීම සඳහා පොළොන්නරුව දිස්ත්‍රීක් පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලයේ නිලධාරීහු එම වී මෝල් විශේෂ පරීක්ෂා කිරීම, වී මෝල්වල මේ වනවිට පවතින වී, සහල් තොග කොපමණද යන්න පිලිබඳව දත්ත එක් රැස්කිරීම දෙවන දිනටත් අද 27 සිදු කළහ.

ඊයේ (26 ) පරීක්ෂා කිරීමට නොහැකිවූ ප්‍රධාන පෙළේ වී මෝල් හා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් පරීක්ෂා කිරීම අද 27
සිදුකරනු ලැබුණි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මහා පරිමාණ වී තොග රැස් කරන හා සහල් නිෂ්පාදනය කරනු ලබන පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සහල් ආයතනයට 27 වෙනිදා පාරිභෝගික සේවා අධිකාරි නිලධාරීහු පැමිණියහ.

මෙහිදී අරලිය සහල් නිෂ්පාදන ආයතනයේ වර්තමානයේ පවතින වී, සහ සහල් තොග පරීක්ෂාවට ලක්කර එම සහල් හා වී තොගවල දත්ත රැස්කර ගැනීම මෙම නිලධාරින් විසින් සිදුකළේය.

අරලිය සහල් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ ලාල් සිරිසේන හා එහි විධායක අධ්‍යක්ෂ සම්පත් රත්නායක පවසා සිටියේ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්වන තමන්ට සහල් නිෂ්පාදන පිරිවැය සදහා විශාල මුදලක් වැයවන බැවින් රජයේ පාලන මිළට සහල් අලෙවි කිරීමෙන් පාඩු සිදුවන බවය.

කෙසේ නමුදු තමන් රජයේ පාලන මිළට නාඩු ,සම්බා, හා කීරි සම්බා සහල් තම තොග පවතින තුරු අඛණ්ඩව ලබාදෙන බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේය.

නාඩු සහල් කිලෝ ලක්ෂ 01 ක් ද , කීරී සම්බා සහල් කිලෝ ලක්ෂ 02ක් හා සම්බා සහල් කිලෝ ලක්ෂ 01 දෛනිකව තම ආයතනය වෙළෙඳපළට නිකුත් කරන අතර ඉදිරි දින 75 ක් සඳහා වෙලඳපොල වෙත සහල් නිකුත් කිරීමට අවශ්‍ය වී තොග තම ආයතනය සතු බව අරලිය සහල් ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සම්පත් රත්නායක පැවසුවේය.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදනය කරනු ලබන පොළොන්නරුව සේවාගම ප්‍රදේශයේ පවත්වාගෙන යන හිරු සහල් මෝල, කදුරුවෙල නගරයේ පවත්වාගෙන යන වී හේන සහල් මෝල, මින්නේරිය සී.පී.පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන මේනක සහල් මෝල හා ලත් සහල් මෝල යන සහල් මෝල්වල මේ වනවිට පවතින සහල් හා වී සංචිතයන් හා සහල් නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවද පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා නිලධාරීන්ගේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.

එම මෝල් හිමියන් පාරිභෝගික නිලධාරීන් වෙත පවසා සිටියේ තමන්ට සහල් අලෙවියේදී පාඩු සිදු වුවද ඒවා පිලිබඳව නොසලකා පාරිභෝගිකයින් වෙත සහල් පාලන මිළට ලබාදීමට රජය කටයුතු කරන බවය.

කෙසේ නමුදු තමන් ළඟ මේ වනවිට පවතින වී තොග ප්‍රමාණවත් වන්නේ මේ වසරේ දෙසැම්බර් මස දක්වා පමණක් බවද වී මෝල් හිමියෝ වැඩිදුරටත් පවසා සිටියහ.

දින දෙකක් පුරා පොළොන්නරුව දිස්ත්‍රික් පාරිභෝගික සේවා නිලධාරීන් විසින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන මහා පරිමාණ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් සතුව තිබෙන වී හා සහල් පිලිබඳ දත්ත හා තොරතුරු රැස්කරනු ලැබූ අතර එම තොරතුරු සියල්ල කොළඹ පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලය වෙත ලබාදීමට කටයුතු කිරීමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුද්ගලික සමාගමකින් ගත්ත ඉඩමකට කෝටි 4ක වාර්ෂික බද්දක් ගෙවමින් රේගුව බිලියන ගණනක් වටිනා වාහන 435ක් රඳවාගෙන…

Next Post

.සියල්ල අහිමි ජාතියක අධිශ්ඨානයේ ආදර්ශය පෙන්නූ ඇෆ්ගන් තරුණයින්ගේ කතාව…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.