ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ මූලික පාදම වන්නේ සාමය සහ සන්සුන් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයසංකර පෙන්වා දුන්නේය.
මෑත කාලීන චීනය පිළිබඳ අධ්‍යනය ආයතනය විසින් සංවිධානය කර තිබූ විශේෂ දේශනයකට එක් වෙමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා විසින් මේබව ප්‍රකාශ කර තිබිණි.
චීනය සහ ඉන්දියාව අතර දේශ සීමා වල ඉතා සාමකාමී සහ සන්සුන් බවක් අත්‍යාවශ්‍ය වූවද කාලයෙන් කාලයට දේශ සීමා අතර විවිධ නොසන්සුන් තාවයන් ඇති වන බවද අමාත්‍ය ජයසංකර් විසින් පෙන්වා දුන්නේය.
මෙහිදී අමාත්‍යවරයා විසින් චීනය සමඟ සාමකාමී සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට අවශ්‍ය කරනු ලබන මූලික කාරුණු කිහිපයක් පිළිබඳව අදහස් දක්වනු ලැබ තිබේ. එහිදී ඉන්දියාව විසින් මාවත් කිහිපයක් ඔස්සේ චීනය සමඟ සමාකාමී සම්බන්ධතා පවත්වාගෙන යමාට අපෙක්ෂා කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
‟2020 වර්ෂයේදී ඇති වූ මතභේදාත්මක තත්ත්වයත් එක්කම චීනය විසින් ඉතා සූක්ෂම සහ දේශ සීමා පද්ධතියක් පවත්වාගෙන යාමට අපෙක්ෂා කරනු ඇත. මේක ඇත්තටම කොරෝනා වසංගත තත්ත්වය තුලදී පවා දැක ගැනීමට හැකියාවක් ලැබුනා.” යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව 2020 වර්ෂයේ දී ඇති වූ නොසන්සුන්තාවයෙන් පසුව චීනය සහ ඉන්දියාව අතර සම්බන්ධතා යම් අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බවද හෙතමෙ පෙන්වා දුන්නේය.
මෙම තත්ත්වයත් සමඟ චීනය සහ ඉන්දියා සිය හමුදාවන් දේශ සීමා වල සීරුවෙන් ස්ථාන ගත කිරීමට පියවර ගත් අතර චීනය පසුගිය කාලය තුල අධි තාක්ෂණික සන්නිවේදන කුළුණු පවා දේශ සීමා ආසන්නයේ ස්ථාපති කිරීමටද පියවර ගෙන තිබූ බව පසුගිය කායේදී අනාවරණය විය.