අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය මුදා ගැනීම දක්වන මැලිකම

by Lankasara News
අප්‍රේල් 17, 2022
in පුවත්
Xi Jinping
Share on FacebookShare on Twitter

ඇමරිකාව විසින් පසුගිය වසර කිහිපය තුලදීම චීනය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය දීම මගින් ගෙනයන රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා සහ එමගින් සංවර්ධනය වන රටවල් චීනය මත යැපීම සැලැස්වීම පිළිබඳ අනතුරු ඇඟවීමක් සිදුකළේය.

ඒ අනුව චීනය සමඟ ඉතා සමීපව කටයුතු කළ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය දරුණු ආර්ථික තත්ත්වයකට මුහුණ දෙමින් සිටින අතර විශාල උද්ධමනයකට මුහුණ දීමට සිදුව තිබේ. එහෙත් චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආණ්ඩුව විසින් අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමට මැලිකමක් දක්වන ආකාරයක් පෙනී යයි.

එහිදී චීනය විසින් මේවන තෙක් ශ්‍රී ලංකාව ඉල්ලා සිටි ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වා ඇති අතරම පාකිස්ථානය විසින් ඉල්ලා සිටි මූල්‍ය පහසුකමටද මේවන තෙක් චීනයෙන් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

තත්ත්වය එසේ වුවත් චීනය නිරන්තරයෙන්ම කියා සිටියේ තමන් ශ්‍රී ලංකාවට සහ පාකිස්ථානයට සිය සහය ලබාදෙන බවට පසුගිය කාලය පුරාම ප්‍රකාශ කර සිටියේය. එහෙත් චීන ජනාධිපති විසින් සහ ඔහුගේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන යටතේ රටවල් අභ්‍යන්තරි දේශපාලන කටයුතු වලට සෘජුව මැදිහත් වීමට චීනය මැලිකමක් දක්වන බව පෙනීයයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව මේවන විටත් පාකිස්ථානයේ නව අග්‍රාමත්‍යවරයෙකු පත්ව සිටින අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටද විශාල ජනතා අප්‍රසාදයක් එල්ලවී තිබේ. එහිදී විරෝධතාකරුවන් විසින් ජනාධිපති රාජපක්ෂට සිය ධුරයෙන් ඉල්ලා අසවෙන ලෙසට බලකරමින් ගාලුමුවදොර අසල කඳවුරු බැද සිටියි.

මේ සම්බන්ධයෙන් එස්. රාජරත්නම් ජාත්‍යන්ත අධ්‍යයන ආයතනයේ රෆායෙලෝ පන්ටුචී විසින් ප්‍රකාශ කර සිටිනනේ ‟බීජිං පාලනය විසින් පසුගිය අවුරුදු කිහිපය තුල සිය බාහිර ණය දීම් ගැන වඩා සැලකිලිමත්ව කටයුතු කරනවා. මොකද ඔවුනේ බැංකු අවබෝධකරගෙන තිබෙනවා ණය ආපසු ගෙවීමට නොහැකි රටවල් වලට විශාල වශයෙන් ණය දැනටමත් ලබා දී තිබෙන බව. එසේම මේවන විට චිනය තුලද යම් ආර්ථික අභියෝගයක් නිර්මාණය වි තිබෙන අතර චීනය සිය මුදල් බාහිරට ලබාදීම ගැටලුකාරී තත්ත්වයක් වී තිබේ.” යනුවෙනි.

චීනය මේවන විට එරටට කොරෝනා වසංගතය බලපෑමත් සමඟ යම් ආර්ථික අභියෝගයකට මුහුණ දී සිටින අතර මේවන විටත් එරට තාක්ෂණික සහ මූල්‍ය කේනද්‍රස්ථානය වූ ශැංහායි සහා ශෙන්ස්හෙන් යන නගරද වසා දැමීමකට ලක්ව තිබේ.

කෙසේවෙතත් චීනය මේවන විට ලොව වැඩියෙනම් ණය ලබාදෙන රාජ්‍ය බවට පත්ව සිටින අතර එරට රජයට අයත් බැංකු විසින් විශාල වශයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය ලබාදීම සිදුකරනු ලබයි. එහිදී ලබාදෙන මෙම ණය ප්‍රමණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ ලෝක බැංකුව විසින් ලබාදෙන ණය මුදල් ප්‍රමාණයත් ඉක්මවා තිබේ.

මෙහිදී චීන බැංකු විසින් ණය ලබාදීමේදී අනුගමනය කරනු ලබන කොන්දේසි පිළිබදව දැඩි ගැටලුකාරී තත්ත්වයක් පවතී.
මෙවැනි තත්ත්වයක් මතදී චීනයෙන් විශාල වශයෙන් ණය ලබාගත් ශ්‍රී ලංකාව මේවන විට ෆිච් රේටින් ආයතන විසින් පහතට හෙළා ඇති අතර ඉකුත් බදාදා දිනයේදී ශ්‍රී ලංකා රජය විසින් ණය ගෙවීම කල්දමන බවට කළ ප්‍රකාශයත් සමඟම බංකොලොත් තත්ත්වයකට පත්ව ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ ඊලඟ පොලී ගෙවීම අප්‍රෙල් 18 වැනිදාට යෙදී ඇති අතර එය ගෙවීමට අපහොසත් වුවහොත් එය ශ්‍රී ලංකාව බංකොලොත් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත්කෙරණු ඇත.

උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් චීනයේ ශ්‍රී ලංකා තානාපති පාලිත කොහොන පවසාඇත්තේ චීනය ශ්‍රී ලංකාවේ සහයට පැමිණෙනු ඇති බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවයි. එහිදී චීනයේ මුල්‍ය පහසුකම ලැබෙනු ඇති බවත් ඔහු පවසා ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ මුල්‍ය පහසුකම ලබාදීමට යම්කාලයක් ගතවුවත් එහි කිසිඳු ප්‍රමාදයක් සිදුවන ඇති බවට තමන් විශ්වාස නොකරනු ඇතබවයි.

‟පවතින තත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ සහයට පැමිණෙ රටවල් විශාල සංඛ්‍යාවක් නොමැත. එහෙත් චීනය යනු මෙවැනි අවස්තාවක කඩිනමින් සහයට පැමිණ යමක් කළ හැකි රටක්” යනුවෙන්ද තානාපතිවරයා පවසා ඇත.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් චීනයේ විදේශ ණය දීම් සම්බන්ධයෙන් විශේසඥයකු විසින්ද සිය අදහස් දක්වා ඇති අතර එහිදී ඔහුගේ නම පළනොකරන ලෙස ඉල්ලීමක් කර ඇත. ඔහු එහිදී පවසා ඇත්තේ චීනය දකුණු ආසියානු අර්බුද විසදීමට මැදිහත් වීම යම් ආකාරයකින් අඩුවී ඇති බවයි. එහිදී ඔහු පෙන්වා දී ඇත්තේ නව මූල්‍ය පහසුකම් ලබාදීම යම් ගැටලුකාරී තත්ත්වයක් වී ඇති බවයි.

මෙහිදී බලධාරීන් විසින් ණය ආපසු ගෙවීමේ හැකියාව පිළිබඳ පිළිබඳ විශාල අවධානයක් යොමු කිරීමට පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත.

මේ අතර චීන ජනාධිපිත ෂී ජින්පින් විසින් වඩා ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමේ වැදගත් කම ඉකුත් නොවැම්බර් මාසයේ එක්තීරයක් එක් මාවතක් වැඩසටහනෙ සම්මන්ත්‍රනයකදී ප්‍රකාශ කෙරිණි. එහිදී ඔහු පවසා සිටියේ ‟ අවදානම් අවුම සහ ඒවා පාලනය කළ හැකි ක්‍රමයක් ස්ථාපිත කිරීම ඉතාම වැදගත් එහිදී කුඩා සහ අලංකාර ව්‍යාපෘත් සහ භයානක ව්‍යාපෘති සහ අවදානම්කාරී ප්‍රදේශ මඟ හරිමින් කටයුතු කිරීම ඉතාම වැදගත්” යනුවෙනි.

එසේම පසුගියදා චීනයේ දායකත්වය මත ක්‍රියත්මක ඒෂියා ඉන්ෆාස්ට්‍රක්ච ඉන්වෙස්මනට් බැංකුවේ සභාපති ජින් ලිකුන් පවසා සිටියේ ශ්‍රී ලංකාව ජාත්‍යණතර මූල්‍ය අරමුදලේ සහය ලබාගතයුතු බවයි.
මේවන විට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික බංකොලොත් තත්ත්වයකට පත්ව අවසානය ඒ අනුව ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට යොමුව තිබේ. එසේම ණය ශ්‍රේණිගත කිරීම් වලද පහතම මට්ටමට ශ්‍රී ලංකාව පත්ව ඇත.

ඒඅනුව ශ්‍රී ලංකාවේ ඉදිරි ගමණ මේවන විට දැඩි අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති අතර එය යථා තත්ත්වයට පත්කරගැනීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇත.

මේ අතර පාකිස්ථානය තත්ත්වයද ගැටලුකාරී වී ඇති අතර එරට නව අග්‍රාමත්‍යවරයකු පත්කර තිබේ. කෙසේ වෙතත් ඉම්රාන් ඛාන් තමන්ව බලයෙන් පහ කිරීමට විදෙස් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට දිගින් දිගටම ප්‍රකාශ කරමින් සිටියි.

මෙහිදී ඛාන්ට පක්ෂ පාතී පිරිස් රට පුරා විරෝධතා පවත්වමින් සිටින අතරම ඔවුන් එරට හමුදා ප්‍රධානියාට සහ අගවිනිසුරුවරයාට දැඩි චෝදනා එල්ල කිරීමටද පටන්ගෙන ඇති බවට පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් ඛාන්ගේ ඉවත්වීමෙන් පමණක් පාකිස්ථානය මුහුණ දී සිටින අරබුදයෙන් මිදීමට හැකියාවක් නොපවතින බවද විශ්ලේෂඛයින් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

අයි.ඕ.සී 92 පෙට්‍රල් ලීටරය 338ට නගී… පෙට්‍රල් 35කින් ඩීසල් 75කින් නන්වයි…

Next Post

පුරා දින දෙකක් ඉන්ධන පෝලිමේ සිටි මිනිස්සු නුවර පාර වසා දමති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.