චීනය විසින් පාරිසරික නීති රීත් උල්ලංඝනය කරමින් මුසන් ඇල්ලිමේ නිතර වන බවට නවතම පර්යේෂණ වාර්තාවකින් අනාවරණය වී තිබේ.
ඒ අනුව චීනය විසින් නීති විරෝධී ආකාරයෙන් උපකරණ යොදාගෙන ජෛව විවිධත්වයට දැඩි ලෙස හානි වන ආකාරයෙන් මෙලෙස මසුන් ඇල්ලීමේ නිතරවන බවට පොරෙග් සංවිධානය විසින් කළ පර්යේෂණයකින් අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.
″චීනය අධික ලෙස මසුන් ඇල්ලීම, සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශවලට අපද්‍රව්‍ය බැහැර කිරීම, වාතය, ජලය සහ ගොඩබිම එක හා සමානව දූෂණය කිරීම, කොරල්පර විනාශ කිරීම සහ ආරක්ෂිත මත්ස්‍ය විශේෂ මරා දමයි.″ යනුවෙන් ද අදාල වාර්තාවෙන් සඳහන්ව ඇත.
අදාල වාර්තාවට අනුව, චීනය සිය ධීවර යාත්‍රා ලොව පුරා සෑම සාගරයක් හරහාම යොදවා ඇත. එය තමන්ගේම විශේෂ ආර්ථික කළාප වලින් පිටත මහ මුහුදේ මසුන් ඇල්ලීමේදී සහ රටවල් 80 කට වැඩි ගණනක සුවිශේෂී ආර්ථික කලාපවලට අනවසරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් ද චීනය වරදකරු වී ඇති බව පොරෙග් වාර්තා සඳහන් කරයි.







