ශ්‍රියානි විජේසිංහ –
චීනයේ සිට මෙහි පැමිණෙන සංචාරකයින්ට කොවිඩ් පරික්ෂණ ආරම්භ කරන්නේද නැද්ද යන්න පිලිබදව මේ වන විටත් සමාලෝචනය කරමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේය .
චීනයේ සිට අප රටට සංචාරකයින් විශාල වශයෙන් නොපැමිණෙන බැවින් කොවිඩ් පරික්ෂණයන් ආරම්භ කිරිමට කඩිනම් කර නොමැති බවද හෙතෙම පැවසීය.
කෙසේ නමුත් කොවිඩ් රෝගයේ පැතිරිම සලකා බලා ඉදිරියේදී මෙරටට පැමිණෙන චීන සංචාරකයින් සම්බන්ධයෙන් කොවිඩ් පරික්ෂණයන් සිදුකරන්නේද නැද්ද යන්න තීරණය කරන බවත් එම තීරණයන්ට අනුව කඩිනම් වැඩ පිළිවෙළක් ගුවන්තොටුපලේදී ක්‍රියාත්මක කරන බවත් වෛද්‍ය හේමන්ත පැවසුවේය.







