අද දිනයේ චීනයේ පැවැත්වෙ පෙළපාළියට ඇමරිකාවට ආරාධනා කර නැති බවත් ඔවුන් සිදුකර ඇත්තේ කුමන්ත්‍රණයක් බවත් ඩොනලඩ් ට්‍රම්ප් ස්වකීය සමාජ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරයි.
දෙවැනි ලෝක යුද්ධය ජයගැනීමට ඇමරිකානුවන් විශාල කැපකිරීමක් කළ බවත් ඇමරිකානුවන් විශා පිරිසක් මිය ගිය බවත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ සටහනේ දැක්වේ.
යුද්ධයේ දී ඇමරිකාව චීනයට දුන් සහාය පිළිබඳව චීන ජනාධිපතිවරයා සඳහන් කරන්නේ දැයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටී.
කෙසේ වෙතත් එම සටහන අවසානයේ දී ජනාධිපතිවරයා චීනයට සුබ පැතුම් එක් කර තිබේ.







