අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන එන්නතට අනුමැතිය දුන්නේ මෙරට සිටින චීනුන්ට දෙන්නයි

by Lanka Sara Editor
මාර්තු 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ නිෂ්පාදනය කරනු ලබන සිනොෆාම් (Sinopharm) කොවිඩ් එන්නත සඳහා ලබා දී ඇති අනුමැතිය ලියාපදිංචිය අතහැර (Waiver OF Registration) ලබා දුන් එකක් බවත් එය මෙම එන්නත් තොගය චීන රජයෙන් ශ්‍රි ලංකාවට ත්‍යාග වශයෙන් ගෙන්වීමට පමණක් සහ මෙරට වෙසෙන චීන ජාතිකයන්ට පමණක්  ලබා දෙන අවසරයක් බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම එන්නත මෙරට හදිසි භාවිතිය සඳහා අනුමත කිරීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති සාකච්ඡාවේදී දැඩි සංවාදයට ලක් වූ බව වාර්තා වන අතර මෙම ඖෂධයේ සායනික පරීක්ෂණ දත්ත නිසි ලෙස තවමත් ජාතික ඖෂධ නියාමන අධිකාරියට එවා නොමැති තත්ත්වයක් තුළ මෙසේ අදාළ එන්නත් තොගය රට තුළට ගැනීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවශ්‍යතාව මත එසේ ලියාපදිංචිය අත් හළ අවසරයක් ලබා දී තිබේ.

ජාතික ඖෂධ අධිකාරිය පනතේ 109 වැනි වගන්තිය යටතේ එහි වැඩ බලන සභාපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.

මෙම චීනයේ නිෂ්පාදිත එන්නතෙන් ලක්ෂ හයක පමණ තොගයක් මෙරටට ගෙන්වීමේදී සපුරාලිය යුතු වාර්තා අවශ්‍යතා මත රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීමට අනුව එම අනුමැතිය ලබා දී ඇති බව පවසන එම ආරංචි මාර්ග එයින් එන්නත් 30000ත් 40000ත් අතර ප්‍රමාණයක් මෙරට රැඳී සිටින චීන ජාතිකයන් වෙත ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස චීන රජය විසින් මෙරට රජයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වුවද මෙම එන්නත් තොගය ගෙන්වීම මහත් විවාදයට තුඩු දුන් කරුණක් වූයේ එම එන්නත් අනුමැතිය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සලකා බැලිය යුතු විද්‍යාත්මක වාර්තා අසම්පූර්ණ වීම හේතුවෙන් එහි අධ්‍යක්ෂවරුන් එම වාර්තා ලැබෙන තෙක් අනුමැතිය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරිමය. මෙම තත්ත්වය තුළ ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමනය පිලබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  විෂය භාර අමාත්‍යවරයා ලෙස තම බලය පාවිච්චි කරමින් මෙම එන්නත අනුමැතියට විරුද්ධ වූ අධ්‍යක්ෂවරුන් සිව් දෙනකු ඉවත් කිරීමට පසුගිය සතියේ කටයුතු කළේය.

එමෙන්ම මෙම ප්‍රශ්නය මුල්කරගෙන මහාචාර්ය අසිත ද සිල්වා ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්විය. ඒ අනුව අලුතින් පත් වූ සාමාජිකයන් අතරින් විශේෂඥ වෛද්‍ය සිසිර සිරිබද්ධදන ඖෂධ නියාමන අධිකාරියේ වැඩ බලන සභාපතිවරයා ලෙසින් කටයුතු කරයි. මෙම සිනෝෆාම් ඖෂධයට අදාල මෙවැනි අනුමැතියක් හෝ ලැබී ඇත්තේ ඔහුගේ සභාපතිත්වයෙන් පසුගිය සිකුරාදා පැවති රැස්වීමෙන්වන අතර මේ රැස්වීමේ දී එන්නත ට අනුමැතිය ලබා දිම සම්බන්ධයෙන් වාද විවාද ඇති වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතුරුදන් වූ රත්මලානේ පාසල් සිසුවා හමුවෙයි

Next Post

ලංකාවේ ලොකුම කෝටිපතියාත් ලෝකයේ ලොකුම කෝටිපතියා යන පාරට හැරෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.