ඕනෑම සීමිත ඕවර ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක දි (පිරිමි/කාන්තා) ප්‍රතිවාදී කණ්ඩායම හඹා යමින් ප්‍රතිවාදී කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාවට වැඩි ලකුණු සංඛ්‍යාවක් ලැබූ පළමු පිතිකරුවා ලෙස ශ්‍රී ලංකා කාන්තා නායිකා චමරි අතපත්තු දුර්ලභ වාර්තාවක් සලකුණු කළාය.
නවසීලන්තයට එරෙහිව ඊයේ ගාල්ලේදී පැවැති තුන්වැනි එක්දින තරගයෙන් කඩුලු 8ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවමින් චමරී අතපත්තු ඒ දුර්ලභ වාර්තාව සටහන් කළාය.
එය සිදුවන්නේ මෙසේය. පන්දු ඕවර 31 යවා තිබිය දි තරගය පැවැත්වුන ගාල්ල ක්‍රීඩාංගනයට මහා වර්ෂාවක් ඇදහැලිනි. ඒ හේතුවෙන් තරගයේ නවසීලන්ත ඉනිම අත්හිටවූයේය. ඒ වනවිට නවසීලන්තය කඩුළු 02ක් දැවී ලකුණු 127ක් ලබා සිටියේය.
අනතුරුව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණු ඉලක්කය ලකුණු 196ක් විය. එම ඉලක්කය හඹා යෑමේ දී චමරී අතපත්තු පන්දු 80ක් තුළ නොදැවී ලකුණු 140ක් රැස් කළාය. ප්‍රතිවාදී කණ්ඩායම සැබෑ ලෙස රැස් කළ මුළු ලකුණු සංඛ්‍යාවට වඩා ඇයගේ පුද්ගලික ලකුණු සංඛ්‍යාව ලකුනු 13කින් වැඩි විය.
ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 196 ලබා ගන්නේ කඩුළු 02ක් පමණක් දැවී තිබියදී ය. තරගාවලිය 2-0 ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය.







