බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාගේ කණෙන් රිංගා වියත්මගේ ගොඩහේවා ගැසූ “නිව් ඩයමන්ඩ්” නැවේ වන්දි වංගුව විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි…

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
MT-New-Diomend

නිවු ඩයමන්ඩ් නෞකාව නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබූ අයුරු

Share on FacebookShare on Twitter

පසුගිය 2020 වසරේ සැප්තැම්බර් මස 03 දින නැගෙනහිර ශ්‍රී ලංකා මුහුදේ ගිනි ගත් නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාවෙන් ලබා ගැනීමට නියමිතව තිබූ ඩොලර් මිලියන ගණනක පාරිසරික හානි වන්දි මුදල ලබා ගත නොහැකිවන සේ එම නෞකාව ලංකා මුහුදු සීමාවෙන් පිටතට යැවීම සඳහා කටයුතු කර ඇත්තේ එවකට හිටපු ජනාධිපතිවරයාගේ සමීපතමයෙක් මෙන්ම වියත් මග නියෝජනය කළ රජයේ ප්‍රබල දේශපාලකයෙක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා බවත්, හිටපු ජනාධිපතිවරයාගේ නියෝග අවභාවිතා කරමින් නීතිපතිවරයා විසින් ලබා දුන් නියෝග කඩ කර කුමණ හෝ හේතුවක් මත ඔහු මෙම අශිලාචාර ගනුදෙනුව පසුපස සිටි  ආකාරය පෙනෙන බවත් අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

MT-New-Diomend
නිවු ඩයමන්ඩ් නෞකාව නැගෙනහිර මුහුදේ ගිනි ගනිමින් තිබූ අයුරු

අමාත්‍යවරයා පැවසුවේ මෙම නෞකාව මුදා හරින ලෙස නාලක ගොඩහේවා විසින් හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබුණ නමුත් ඒ සඳහා ජනාධිපතිවරයා අවසර දී නැති බවය.  නීතිපතිවරයාගේ උපදෙස් නොමැතිව සහ අදාල සියලුම වන්දි මුදල් ලබා ගන්නා තුරු නෞකාව මුදා නොහරින ලෙස හිටපු ජනාධිපතිවරයා නාලක ගොඩහේවාට උපදෙස් ලබා දී තිබුණු අයුරු  හෙළි වූ බව අධිකරණ ඇමතිවරයා කීවේය.

එසේ තිබිය දී හිටපු විදේශ ලේකම් ජයනාත් කොළඹගේ විසින් ජනාධිපතිවරයාගේ නියෝගයක් මත බව පවසා නිව් ඩයමන්ඩ් නෞකාව ලංකාවේ මුහුදු සීමාවෙන් පිටත් කර හැර ඇති බව අධිකරණ ඇමතිවරයා විසින් හෙළි කළේය.
අධිකරණ ඇමති ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙසේද පැවසුවේය.

“නව් ඩයමන්ඩ් තෙල් ප්‍රවාහන නෞකාව ගිනි ගැනීම සිද්ධ වුනේ 2020 සැප්තැම්බර් 03දා… නැගෙනහිර වෙරළේ තමයි මේ සිද්ධිය සිද්ධ වුනේ.”

“ඒ සම්බන්ධව අපි නඩු තුනක් පවරලා තියනවා. සමුද්‍රීය පරිසර හානිය සඳහා ඇමරිකානු ඩොල් මිලියන 22ක්. නාරා ආයතනය විසින් දරන ලද වියදම් ඇමරිකානු ඩොලර් 75640ක්, ධීවර ප්‍රජාවට සිදුවූ පාඩුව ලෙස ඇමරිකානු ඩොලර්   2,73,014ක් අය කරගැනීම වෙනුවෙන් එම  නඩු තුන  පවරා තියනවා. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“නඩුව පැවරුවේ ශ්‍රී ලංකා මහාධිකරණයෙ. ඒකෙ සිතාසි භාර දී තියනවා. ඒත් මේ විත්තිකාර සමාගම එන්නෙත් නෑ. දැන් නඩු පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියනවා.”

“අපිට නිව් ඩයමන්ඩ් නෞකාවෙන් ලැබිය යුතු වන්දි ප්‍රමාණය ලබා ගන්න මෙහෙම නඩු තුනක් පවර පවර විත්තිකාරයෝ හොය හොය යන්න කිසිදු අවශ්‍යතාවයක් නෑ. මොකද මේ නැව තිබුණෙ ශ්‍රී ලංකා මුහුදු සීමාවේ. නැව සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තිබුණෙ නෑ ඒ අවස්ථාවේ.”

“මේ නැව ශ්‍රී ලංකාවේ මුහුදු තීරයෙන් එළියට යවන්න එපා කියලා නීතිපතිතුමා උපදෙස් දුන්නා. ඒත් එම උපදෙස් දීලා දවස් කිහිපයකින් මේ නැව මුදා හැරියා. “

“ඒ මුදා හැරීම ගැනත් මා කරුණු සොයලා බැලුවා. මුදා හැරීම සම්බන්ධව නීයෝගය දීලා තියෙන්නේ ජයන්ත කොළඹගේ මැතිතුමා. එතුමා එවකට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා. ඒ ඊමේල් පනිවිඩය මං ලඟ තියනවා.

“ඒ ඊමේල් පණිවිඩය අනුව මේ නැව මුදා හරින්න නියෝග කළ බව කියන්නෙ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා.”

“මේකේ ඇත්ත නැත්ත හොයා ගන්න අපිටත් අවශ්‍යතාවය තියෙනවා. මම හිටපු සමුද්‍රීය අධිකාරියේ සභාපතිතුමියගෙනුත් මේ පිළිබඳව ඇහුවා. එතුමියත් මේ කාරණය හෙළිදරව් කළා.”

NEW-DIOMEND
නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ පරිසර හානිය…

“පසුව මා මේකෙ ඇත්ත නැත්ත හොයා ගන්න හිටපු ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කතා කළා. මොකද මේකෙ තියෙන්නෙ නෞකාව නිදහස් කළේ ජනාධිපතිතුමාගෙ නියෝගයක් මත කියලා.”

‘ජනාධිපතිතුමාගේ උත්තරය උනේ මේකයි. එතුමා පැහැදලි  කරලා කිව්වා එතුමා කවදාවත් මේ නැව ලංකාවෙ මුහුදු සීමාවෙන් මේ ආකාරයට එළියට ගෙනියන්න කියලා නියෝගයක් දීලා නෑ කියලා. “

“ඒත් නාලක ගොඩහේවා මැතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා හිටපු ගරු ජනාධිපතිතුමාගෙන් මේ නැව එළියට ගෙනියන්න දෙන්න කියලා. “

“හිටපු ජනාධිපතිතුමා දැනුම් දීලා තියෙනවා එහෙම ගෙනියනවා නම් නීතිපතිතුමාගේ නියෝගයක් මත පමණයි ඊට අවසර ලබා දිය යුත්තේ කියලා. එහෙම එලියට ගෙනියනවා නම් අපට වේච්චි හානිය සම්පූර්ණයෙන් තැන්පත් කරලා මිසක් එළියට ගන්න එපා කියලා හිටපු ජනාධිපතිතුමා පැහැදිලිව නියෝගයක් ලබා දීලා තියනවා. “

‘එතුමා ඊයේ රූත් මට ඒක තහවුරැ කළා. අද උදෙත් මම දෙවනුව තහවුරැ කර ගත්තා.”

“අනික ජයන්ත කොළඹගේ මහත්තයා කියන්නේ විදේශීය කටයුතු අමාත්‍යාංශයේ ලේකම්. ජනාධිපතිතුමා නියෝගයක් දෙනවා නම් ජනාධිපති ලේකම්තුමා හරහා මිසක්, වැඩිම උනොත් ආරක්ෂක ලේකම්වරයා හරහා තමයි එවැනි නියෝගයක් දෙන්නේ.”

‘එතකොට මේ කාරණය හිටපු ජනාධිපතිතුමා දැනගෙන සිද්ධ වෙච්චි දෙයක් නෙමෙයි. “

“පැහැදිලිවම මේ ඉල්ලීම දිගින් දිගටම කළා කියලා සඳහන් කළේ හැම පාර්ශවයෙන්ම ගරු නාලක ගොඩහේවා මන්ත්‍රිතුමා. “

“එදා නැවට යන්න දුන්න නිසා අද අපි අධිකරණවල නඩු තුනක් දාගෙන විත්තිකාරයො හොයාගන්න බැරිව, සිතාසි ටික බෙදාගන්න බැරිව දුක් විඳිනවා. අපේ ආලාභය හෝ හානිය ලැබෙන්නෙත් නෑ. “

“මින් ඉදිරියට හරි මේවා වළක්වන්න ඕන. මේවයෙ වගකිම් කවුරුහරි ගන්න ඕන. පාර්ලිමේන්තු තේරීම්කාරකසභාවක් හරි දාලා මේවා හොයන්න එකතු වෙන්න.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දෙවැනි දිනයේදීත් පූර්ණ ගෞරව අයර්ලන්තයට… ශතක 02ක් සමග  වට 492යි… ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 81 යි…

Next Post

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07ක් වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කරයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.