අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ගෝටා යන්න…“ දහසකට වැඩි  ශ්‍රී ලාංකිකයෝ ලන්ඩන් නුවර කොමසාරිස් කාර්යාලය අසලට පැමිණ කියති…

by editor
අප්‍රේල් 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මව්බිමේ වේදනාව ලෝකයේම වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට දැනෙමින් තිබේ. තමන් විසින් ගුවන් යානා කුලියට ගෙන පැමිණ බලය ලබා දී යහපත් රටක් හදනු ඇතැයි ප්‍රාර්ථනා කළ මිනිසා රට මහා අගාධයකට දැමූ බව තේරෙන විට ඔහුට ගෙදර යන ලෙස බල කර සිටීමේ ශුද්ධ වූ අයිතියක් ඒ මිනිසුන්ට ඇත.

ඔහුව පත් කිරීමට මුල් වුණ ප්‍රාර්ථනාවත්    ඔහුට ගෙදර යන්න යැයි කරන වේදනාත්මක යෝජනාව අතර අන්තරය බෙහෙවින්ම විසාලය. නමුත් ඒ සඳහා ඔවුන් තුළ ඇති වුණ හැඟීම එකම මූලයකින් පැනෙන්නකි. ඒ මාතෘ භූමිය වෙනුවෙන් උපන් ආදරය ය.

මේ මොහොතේ සීතල ලන්ඩනය ලංකාවේ මිනිස්සුන්ගේ බඩගින්න, පීඩනය, අන්ත අසරණ දුගී භාවය සම්බන්ධව ඉපදුන සංවේදනාවන්ගෙන් උණුසුම් වී ඇත.

ලන්ඩන් නුවර මාබලාර්ජ්වලට ලාංකිකයෝ දහසකට  අධික පිරිසක් එක් වී සිටිති. සමහරුන් පැමිණ අත්තේ කිලෝමීටර දෙසීය දෙසීය පනහ දුර ගෙවා දමමිනි.  වට්ස්ඇප් කණ්ඩායමක පල කළ   එක් දැන්වීමක් මේ ජන සන්නිපාතය මාබලාජ්වලට ගෙන්වීමට සමත් වී තිබේ.

විශේෂත්වය වන්නේ මේ පිරිස කිසිම දේශපාලන පෙළඹවීමකින් රැස්වුණු කණ්ඩායමක් නොවීමය. ඔවුන් පැමිණ ඇත්තේ රටේ සිහින සැබෑ කරන්නට පත් කරගත් පුද්ගලයා ඒ සිහින කුඩු පට්ටම් කළ පසු නැවත ගෙදර යන්නැයි කියන්නටය. මේ මිනිසා පත් කරගැනීම සඳහා ඔවුන් එකතු වූයේත් මේ වැනි හැඟීමකින් වීම දෛවෝපගතය.මේ මිනිසුන් ලන්ඩන්හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරියට ආවේ  හදිසි නීතිය දමා, අනතුරුව ඇඳිරි නිතිය ක්‍රියාත්මක කර, ඇඳිරි නීතිය අතරේ විශේෂ ගැසට් නිවේදනයක් මගින් නිවසින් එළියට බහින්නට තහනම් කළ අපේ රටේ මිනිස්සුන්ට පාරට බැස කියන්නට නුදුන් කතාව ලෝකයට ඇහෙන්නට කියන්නටය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ මහා   ජනසන්නිපාතය මාබලාර්ජ්හි සිට පා ගමනින් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය වෙත පැමිණියහ. පැමිණ තමන්ගේ මාතෘ භූමියට කර    ඇති ව්‍යසනය හොඳටම ඇති බව සිය  උද්වේගකර හැඟීමෙන් ප්‍රකාශ කළහ. ඒ හඬ ලෝකයට ඇසිනි. මේ ඒ හඬය…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි.ල.නි.ප.ය ආණ්ඩුවෙන් ඉවත්වෙයි…

Next Post

වැඩ කරන අපේ විරුවා ලියූ පසන් ලියනගේ සමාව ඉල්ලයි! මට වැරදුනා… ගැයූ චතුල ඉන්ද්‍රචාප  කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.