ලලිත් චාමින්ද –
ගාල්ල දිස්ත්රික්කයේ වියළි නාඩු වී කිලෝවක් රුපියල් 130ක මිලකට මිලදි ගනු ලබන බැව් ගාල්ල දිස්ත්රික්කයේ සුළු පරිමාණ වී මෝල් හිමියෝ පවසති.
මේ දිනවල ගාල්ල දිස්ත්රික්කයේ වී අස්වනු නෙලීම ආරම්භකොට තිබේ. ගොවින් විසින් සිය වී අස්වැන්න වී මෝල් වෙත රැගෙන විත් ලබාදිමට කටයුතු කරති.
අනිකුත් දිස්ත්රික්ක සහ සැසඳීමේ දි ගාල්ල දිස්ත්රික්කයේ වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැයවන නිෂ්පාදන වියදම ඉහළ අගයක් ගනු ලබන අතර කෙසේවුවද තම වී අස්වැන්න සඳහා ඉතා හොද මිලක් ලැබි ඇති බැව් ගාල්ලේ ගොවිහු පවසති.
රජය මගින් ගොවින්ට ලබාදෙන පොහොර සහනාධාර මුදල වැඩිකිරිම නිසා නිෂ්පාදන යෙදවුම්වල මිල සුළු වශයෙන් අඩුවී ඇති බවත් කෘමි හා වල්නාශක මිලද අඩුකිරිමට පියවර ගන්නා ලෙසත් ගොවිහු රජයෙන් ඉල්ලා සිටිති.
වි කිලෝවක් රුපියල් 130ක මිලකට ලබාගෙන රජයේ පාලන මිලට සහල් ලබා දිය හැකි බවද වීමෝල් හිමියෝ පවසති.
කැකුළු සහල් කිලෝවක් රුපියල් 210ක මිලට පාරිභෝගිකයින් වෙත අලෙවි කරණ බැව් අක්මිමන පින්නදුව ප්රදේශයේ වි මෝල් හිමියකු පැවසිය.
වී ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් නොමැතිවිම නිසා ගාල්ල දිස්ත්රික්කයේ ගොවින්ගේ වී මීලදි ගැනීම සඳහා වැඩපිළිවෙළක් මේවනතෙක් සකස්කොට නොමැති බැව් වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාප කාර්යාලය පවසයි.
වි මෝල් හිමියන් විසින් රජය මගින් ප්රකාශයට පත්කොට ඇති මිලට වඩා වැඩිමිලකට වී මිලදි ගැනිම නිසා ගාල්ලේ වී ගොවින්ට සිය වි අස්වැන්න අලෙවි කරගැනිමේ දි කිසිදු ගැටලුකාරි තත්ත්වයක් ඇති වි නොමැති බව ගොවීහු පවසති.
ගාල්ල දිස්ත්රික්කය තුල මෙවර මහ කන්නයේ දි කුඹුරු හෙක්ටයාර් 6628ක් වගාකොට ඇත.







