බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගොඨාගේ කාබනික උමතුවේ ශේෂ පත්‍රය – පාඩුව කෝටි 24000ක් බව විද්‍යාත්මක අධ්‍යයනයකින් හෙළි වෙයි!

රබර් අපනයනය   1.8 %කින්, පොල් 5.9% කින් කුළු බඩු 18.9% කින්  එලවලු 6.6% කින්ද පහළ ගිහින්... මිලියන ගණන් විදේශ විනිමය අහිමිවෙලා....

by editor
මාර්තු 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුජිත් හේවාජූලිගේ – 

රසායනික පොහොර තහනම් කිරීම හේතුවෙන්  වී සහ තේ නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ යෑම  නිසා රුපියල් කෝටි විසි හතර දහස් පන්සියයකට(24500) වැඩි පාඩුවක් සිදුවී ඇතැයි විශේෂ අධ්‍යයනයකදී තොරතුරු අනාවරණයවූ බව  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල  පවසයි.

සෑම ගොවියෙකුටම  මේ හේතුවෙන් එම වර්ෂයේදී සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

පසුගිය වසරේ මහ කන්නයේ  වී නිෂ්පාදනය පෙර වසරේ මහ කන්නයට සාපේක්ෂව මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂ තිස් දහස් එකසිය හැට හතරකින්ද( සියයට  36 කින්) යල කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හයලක්ෂ විසි හය දහස්  පන් සිය  විසි හතකින්ද ( සියයට 30කින්) පහළ ගොස් ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරළ  කීවේය.

ඒ අනුව එම කන්න දෙකේ පහළ ගොස් ඇති වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන්  දහ හත් ලක්ෂ  පනස් හය දහස් හය සිය අනූ එකක් බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර රසායනික පොහොර තහනම හේතුවෙන් පසුගිය වසරේ තේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 47000 කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් ඇතැයි එම අධ්‍යයනයේදී පෙනී ගිය බව පැවසූ මහාචාර්යවරයා  එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 16 ක  පමණ පහළ යෑමක් බවද   ප්‍රකාශ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තේ නිෂ්පාදනය එලෙස පහළ යෑමෙන් සිදු වූ මූල්‍යමය පාඩුව රුපියල් කෝටි  හය දහස් අසූ හතරක් ලෙස  ගණනය කර ඇත.

මේ අතර පසුගිය වසරේදී රබර් අපනයනය සියයට  1.8 කින්ද පොල් අපනයනය  සියයට 5.9 කින්ද  කුළු බඩු අපනයනය සියයට 18.9 කින්ද  එලවලු අපනයනය සියයට 6.6 කින්ද පහළ ගොස් ඇති බව පැවසූ  මහාචාර්ය අතුකෝරළ   විශාල විදේශ විනිමයක් මේ හේතුවෙන් රටට අහිමි වූ  බවද සඳහන් කළේය.

මේ අතර පසුගිය රජය කාබනික පොහොර ගෙන්වීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මස සිට දෙසැම්බර් මස දක්වා රුපියල් කෝටි අටදහස් හාරසිය අසූවක්  පමණ  වැය කර ඇතැයි එම අධ්‍යයනයේදී  වැඩිදුරටත් තොරතුරු අනාවරණයවී ඇත.

ලංකාදීප –

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට සියල්ලන් යටත්…” මැතිවරණයට අදාල රඳවාගත් මුදල නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියයි!

Next Post

පොලිස්පතිකමට තමන්ගේ ගජයා පත් කරගෙන අමුතු ගේමකට සැරසෙන දේශපාලකයෙක් ගැන පොලිසිය ඇතුළේ කසුකුසුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.