සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිනි ගත්තු ගෙට කෙහෙළිය ලක්ෂ 959ක් වන්දි අරන්… ජොනීට ලක්ෂ 934ක්… 43 දෙනෙක් කෝටි 122ක් වන්දි අරන්…

by editor
පෙබරවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය අරගල සමයේ හානි වූ නිවාස සහ දේපල සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින් 43 දෙනෙක් කෝටි 122කුත් ලක්ෂ 43 ලක්ෂයක් වන්දි ලබා ගත් ආකාරය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති විසින් අද පාර්ලිමේන්තුවේ දී හෙළදරවු කළේය.

මෙම වන්දි ලබා ගැනීමේ දී කෙහෙළිය රඹුක්වැල්ල ලක්ෂ 959ක්, සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු ලක්ෂ 934ක්, ගාමිණී ලොකුගේ ලක්ෂ 779ක් සහ අලි සබ්රි රහීම් ලක්ස 709ක් සහිතව මෙම වන්දි පංගුවේ වැඩිමනත් කොටස හිමි කරගෙන තිබිණි.

නලින්ද ජයතිස්ස ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දී කළ කතාව මෙසේය.

පහුගිය 2022 අවුරුද්දේ දේපොල හානි වුනාය කියලා ඒ වෙලාවේ දි කොහොමද රජයෙන් වන්දි අරන් තියෙන්නේ කියන එක. තමන්ට වෙච්චි හානියට. අපි ඒ දවස්වල දැක්කා සමහර දිස්ත්‍රික් ලේකම්වරුන්ට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලපෑම් කරලා තියනවා වන්දි වැඩියෙන් තක්සේරු කරන්න කියලා.
සාමාන්‍යයෙන් අපේ රටේ ස්වභාවික ආපදාවක් උනත් පූර්ණ හානියක් වුනාම උපරිම ලක්ෂ 25යි දෙන්න පුලුවන්. හැබැයි මෙන්න බලන්න ඒ දේපල හානිය පාවිච්චි කරලා බලය අතේ තියන අය, හැන්ද අතේ තියන අය කොහොමද මේ වන්දි අරන් තියෙන්නේ කියලා
මම නමින් නම කියවන්නම්.

  1. කපිල නුවන් අතුකෝරල – රුපියල් පන්ලක්ෂ හාරදායහි.
  2. විමලවීර දිසානායක – රුපියල් පන් ලක්ෂ පනස් දාහයි.
  3. ගීතා කුමාරසිංහ – රුපියල් නව ලක්ෂ හැත්තෑ දෙදාහයි
  4. ජනක තිස්සකුට්ටිආරච්චි – එකොළොස් ලක්ෂ හතලිස් තුන් දාහයි
  5. ගුණපාල රත්නසේකර – දාහතර ලක්ෂ දොලොස් දහස් හත්සිය අනුවයි.
  6. ප්‍රේමනාත් සී දොලවත්ත – ලක්ෂ විසි තුනයි
  7. ප්‍රියංකර ජයරත්න – විසිතුන් ලක්ෂ හතලිස් අට දාහයි.
  8. සම්පත් අතුකෝරල – විසි පන් ලක්ෂ හතලිස් දහස් හයසිය දහයයි
  9. ජයන්ත කැටගොඩ – විසි අට ලක්ෂ දාහතර දහස් අටසියයයි
  10. විමල් වීරවංශ – විසි නව ලක්ෂ පනස් හතර දාහයි
  11. මහාචාර්ය චන්න ජයසුමන – තිස් තුන් ලක්ෂ තිස් හතර දාහයි
  12. අකිල එල්ලාවල – තිස් පන් ලක්ෂ පනස් හතර දහස් දෙසීය පනහයි
  13. චමල් රාජපක්ෂ – හැට පන් ලක්ෂ තිස් නව දහස් තුන්සිය හැත්තෑ හතරයි
  14. චන්දිම වීරක්කොඩි හැට නව ලක්ෂ හතලිස් අට දහස් අටසීයයි
  15. අශෝක ප්‍රියන්ත – රුපියල් හැත්තෑ දෙලක්ෂ අනූ පන් දාහයි
  16. සමන්ප්‍රිිය හේරත් – ලක්ෂ 105.2යි.
  17. ජනක බණ්ඩාර තෙන්නකෝන් – ලක්ෂ 105.5යි.
  18. රෝහිත අබේගුණවර්ධන – ලක්ෂ 116.4යි
  19. විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල – ලක්ෂ 137.8යි
  20. සහන් ප්‍රදීප් – ලක්ෂ 171.3යි.
  21. ශෙහාන් සේමසිංහ – ලක්ෂ 185.1යි
  22. ඉන්දික අනුරුද්ධ -ලක්ෂ 195. 5යි
  23. මිලාන් ජයතිලක – ලක්ෂ 223යි
  24. දොස්තර රමේෂ් පතිරණ – ලක්ෂ 281යි
  25. දුමින්ද දිසානායක – ලක්ෂ 288යි
  26. කනක හේරත් – ලක්ෂ 292යි.
  27. ඩී.බී හේරත් – ලක්ෂ 321යි
  28. ප්‍රසන්න රණවීර – ලක්ෂ 327යි.
  29. ඩබ්ලියු.ඩී. වීරසිංහ – ලක්ෂ 372යි
  30. ශාන්ත බණ්ඩාර – ලක්ෂ 391යි.
  31. එස්.එම් චන්ද්‍රසේන – ලක්ෂ 438යි
  32. සනත් නිශාන්ත – ලක්ෂ 427යි
  33. සිරිපාල ගම්ලත් – ලක්ෂ 509යි
  34. අරුන්දික ප්‍රනාන්දු – ලක්ෂ 552යි
  35. සුමිත් උඩුකුඹුර – ලක්ෂ 559යි
  36. ප්‍රසන්න රණතුංග – ලක්ෂ 561යි
  37. කෝකිලා ගුණවර්ධන – ලක්ෂ 587යි
  38. මොහාන් පී ද සිල්වා – ලක්ෂ 601යි
  39. නිමල් ලන්සා – ලක්ෂ 692යි
  40. අලි සබ්රි රහීම් – ලක්ෂ 709යි
  41. ගාමිණී ලොකුගේ – ලක්ෂ 779යි
  42. ජොන්ස්ටන් ප්‍රනාන්දු – ලක්ෂ 934යි
  43. කෙහෙළිය රඹුක්වැල්ල – රුපියල් ලක්ෂ 959යි.

පහුගිය අරගලය සමයේ තම දේපල හානිවලට රජයෙන් ගත්තු වන්දි. මේ 43 විතරක් අරන් තියනවා එකසිය විසි දෙකෝටි හතලිස් දෙලක්ෂ තිස් හතර දහස් හත්සිය තිස් හතක් අරන් තියනවා.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වී සඳහා සහතික මිල සාධාරණයි… සහතික මිල හෝ සහල්වල පාලන මිල වෙනස් කරන්නේ නෑ… වෙළෙඳ ඇමති කියයි!

Next Post

අයවැයට පෙර රජයට GMOA එකෙන් යෝජනා මාලාවක් දෙයි!

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.