අද බෙදා හැරෙන්නේ දැනට සමාගම සන්තකයටම ඇති ගෑස් සිලින්ඩර 16000ක ප්‍රමාණය බවත්, එම තොගය කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදා දීමට සැලසුම් කර ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු ගෑස් අපේක්ෂාවෙන් පෝලිම්වල නොසිටින ලෙසත් ලිට්‍රෝ ගෑස් සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙතෙක් බෙදා හරිමින් තිබුණේ පසුගිය 30 වැනිදා ලංකාවට පැමිණි මෙට්‍රික් ටොන් 3500ක ගෑස් තොගය සහිත නෞකාවේ ගෑස්ය.
යළිත් මෙම සති අන්තයේ ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් සහිත නෞකාවක් පැමිණෙන බව සමාගම් ආරංචි මාර්ග කියයි.







