ගාල්ල ධීවර වරායේ ඊයේ (11) පස්වරුවේ කළ විශේෂ සොදිසි මෙහෙයුමක දී පුද්ගලයින් 15 දෙනෙක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ නාවික හමුදාව එක්ව කළ මෙම හදිසි සෝදිසි මෙහෙයුම සිදුකර තිබුණේ ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්නගේ උපදෙස් මතය.
පොලිස් නිල සුනඛයන්ගේ සහාය ද සෝදිසි මෙහෙයුම සඳහා ලබා ගෙන තිබිණි.
ධීවර යාත්‍රා වරායට ඇතුළුවන පුද්ගලයින් සහ රථ වාහන ද මෙහිදී දැඩි පරීක්ෂාවට ලක් කර තිබේ. අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනෙක් සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවද පොලිසිය පවසයි.







