ලලිත් චාමින්ද –
ගාල්ල කළුවැල්ල ප්‍රදේශයේ වැඩිහිටි නිවාසායේ තවත් නේවාසිකයින් 12 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වී යැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
මීට පෙර මෙම වැඩිහිටි නිවාසයේ නේවාසිකයින් 06 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි තිබුණි. ඒ සමග මෙහි සිටි නේවාසිකයින් 54 දෙනෙකු වැඩිහිටි නිවාසය තුළ නිරෝධායනය කිරීමට කටයුතු කරනු ලැබීය.
නිරෝධායන කාලය අවසන් විමට පෙර දින 14ක දී කළ පි.සි.ආර්. පරික්ෂණයේ දි නේවාසිකයින් 12 දෙනාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී යැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.
ආසාදිත නේවාසිකයින් රෝහල්ගත කිරිමට පියවරගෙන ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කියයි. මිට පෙර මෙකි වැඩිහිටි නිවාසයේ සිටි රෝගි කාන්තාවක් කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය අතර මිය යාමෙන් පසු ඇයට කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දී කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරු වි තිබුණි.
ඊයේ (09) දිනය තුළ ගාල්ල නගරසභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 33 දෙනෙකු වාර්තා වි තිබුණි.