සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ග්‍රීන්ලන්ත දඩයමට සැරසෙන කෑදර මහල්ලාගේ ගොඩබිම් පිපාසය…

by editor
ජනවාරි 6, 2026
in පුවත්, සමාජ
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ලෝක සිතියමේ ඉහළින්ම, සුදු පැහැති අයිස් තට්ටුවලින් වැසී ඇති ග්‍රීන්ලන්තය යනු ලොව විශාලතම දූපතය. කලක් හුදෙකලා පාරාදීසයක්ව පැවති මෙම දූපත, වර්තමානය වන විට අතිශය උණුසුම් භූ-දේශපාලනික කලාපයක් බවට පත්ව ඇත්තේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එය “මිලදී ගැනීමට” හෝ “අත්පත් කර ගැනීමට” දක්වන දැඩි උනන්දුව හේතුවෙනි.

  • අයිස් මත ලියැවුණු ඉතිහාසය

    green
    ග්‍රීන්ලන්තය

ග්‍රීන්ලන්තයේ ඉතිහාසය වසර දහස් ගණනක් ඈතට දිව යයි. මුල්ම පදිංචිකරුවන් වූයේ ආක්ටික් කලාපයෙන් පැමිණි ඉනුයිට් (Inuit) ජනයායි. 10 වැනි සියවසේදී වයිකින්වරුන් (Vikings) එහි පැමිණි අතර, පසුව එය ඩෙන්මාර්ක-නෝර්වේ පාලනයට නතු විය. 1814 දී ඩෙන්මාර්කයේ පූර්ණ යටත් විජිතයක් බවට පත් වූ ග්‍රීන්ලන්තය, 1953 දී ඩෙන්මාර්ක රාජධානියේ කොටසක් ලෙස නිල වශයෙන් පිළිගැනිණි.

වර්ෂ  1979 දී ග්‍රීන්ලන්තයට ස්වයං පාලන බලතල හිමි වූ අතර, 2009 දී එය තවදුරටත් පුළුල් විය. අද වන විට ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති හැරුණු විට සෙසු සියලු අභ්‍යන්තර පාලන බලතල ග්‍රීන්ලන්ත වැසියන් සතුය.

කෙසේ වෙතත්  නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය අතර පවතින්නේ ඉතා සමීප රාජ්‍ය තාන්ත්‍රික සහ ආරක්ෂක සබඳතාවයකි. රටවල් දෙකම නේටෝ (NATO) සංවිධානයේ සහ යුරෝපා සංගමයේ (EU) සාමාජිකයන් වේ. නෙදර්ලන්තය ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඩෙන්මාර්කයේ ස්වෛරීභාවයට සහය දෙන්නේ, ආක්ටික් කලාපයේ ස්ථාවරත්වය යුරෝපයේ ආරක්ෂාවට අත්‍යවශ්‍ය බැවිනි.

  • වත්මන් දේශපාලන තත්ත්වය සහ නායකත්වය

    Jens-Frederik-Nielsen
    ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන්

ග්‍රීන්ලන්තය වර්තමානයේ පාලනය වන්නේ ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන් (Jens-Frederik Nielsen) අගමැතිවරයා යටතේය. ඩෙන්මාර්ක රාජධානිය යටතේ ස්වාධීන ඒකකයක් ලෙස ග්‍රීන්ලන්තය පවතින්නේය. ග්‍රීන්ලන්ත වැසියන්ගේ ප්‍රධානතම දේශපාලන සහ සමාජීය අභිලාෂය වන්නේ පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමය. දැනට ඩෙන්මාර්කයෙන් ලැබෙන වාර්ෂික මූල්‍ය ආධාර (Block Grant) මත ඔවුන්ගේ ආර්ථිකය බෙහෙවින් රඳා පවතී. එමනිසා, ඔවුන්ගේ අභිලාෂය වන්නේ දූපතේ ඇති ඛනිජ සම්පත් සහ මත්ස්‍ය කර්මාන්තය දියුණු කර ආර්ථික වශයෙන් ශක්තිමත් වී, ඩෙන්මාර්කයේ පාලනයෙන් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් රාජ්‍යයක් ලෙස ලෝක සිතියමට එක්වීමයි.

ඒ සඳහා එක්සත් රාජධානිය වැනි බලවතුන් සමඟ සෘජු ආර්ථික සබඳතා ගොඩනගා ගැනීමට  උත්සාහ කළ ද  එය තමන්ගේ ස්වෛරීභාවයට හානියක් නොවන පරිදි සිදු කිරීමට ග්‍රීන්ලන්ත අගමැතිවරයා  දැඩිව කැපවී ඇති අයුරු දකිමු.  ඒ බව ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමගම ග්‍රීන්ලන්ත අගමැතිවරයාගෙන් ප්‍රකට වූයේය.

ට්‍රම්ප්ගේ ප්‍රකාශය හමුවේ අගමැති නීල්සන් දැඩි ස්ථාවරයක සිටින්නේය. ඔහු පවසන්නේ, “ග්‍රීන්ලන්තය විකිණීමට නැති” බවත්, ඕනෑම සාකච්ඡාවක් ජාත්‍යන්තර නීතියට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කරමින් සිදු විය යුතු බවත්ය.  ග්‍රීන්ලන්තය යනු තමන්ගේම අනාගතය තීරණය කළ හැකි ජනතාවක් වෙසෙන දේශයක්” ලෙස නීල්සන් අවධාරණය කරන්නේය. ට්‍රම්ප්ගේ ප්‍රකාශය හමුවේ නෙදර්ලන්ත අගමැති ඩික් ෂූෆ් (Dick Schoof) ඩෙන්මාර්කය පිටුපස පෙනී සිටින්නේ, එක් යුරෝපීය මිතුරෙකුට එල්ල වන බලපෑම සමස්ත යුරෝපයේම ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන බැවිනි.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

  • ආරක්ෂක අභියෝග දඩමීමා කරගැනීම

    nuuk_-greenland
    නූක් අගනුවර…

ග්‍රීන්ලන්තය භූමි ප්‍රමාණයෙන් අතිවිශාල වුවද, අද වනවිට එහි ජීවත් වන්නේ 57,000කට ආසන්න ඉතා කුඩා ජනගහනයකි. මෙයින් 90%කට වඩා වැඩි පිරිසක් මුලින් කී (Inuit) ගෝත්‍රිකයන්ය.   ඔවුන්ගේ සංස්කෘතිය සහ ජීවන රටාව ආක්ටික් පරිසරය සමඟ දැඩි ලෙස බැඳී පවතී. ජනගහනයෙන් බහුතරය දූපතේ නිරිතදිග වෙරළ තීරයේ පිහිටි අගනුවර වන “නූක්” (Nuuk) සහ ඒ අවට කුඩා නගරවල ජීවත් වෙති.

මේ ජන ගහණය  කළමනාකරණය කරගනිමින්  ග්‍රීන්ලන්තයට ස්වාධීනව තම ආරක්ෂාව සලසා ගැනීමට නොහැකි වීම ප්‍රධාන ගැටලුවකි. එතරම් විශාල භූමියක් සහ මුහුදු සීමාවක් ආරක්ෂා කිරීමට අවශ්‍ය හමුදා ශක්තියක් හෝ තාක්ෂණික පහසුකම් 57,000ක ජනගහනයක් සහිත රටකට තනිව දරාගත නොහැක.

මේ වන විට ඔවුන්ගේ ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ වගකීම දරන්නේ ඩෙන්මාර්කයයි.  ඩෙන්මාර්කය වැනි කුඩා රටකට මෙම වැදගත් කලාපය ආරක්ෂා කිරීමට නොහැකි බව තර්ක කරමින්, එහි පාලනය නතු කර ගැනීම හරහා ආක්ටික් කලාපයේ තනි අයිතිය තහවුරු කර ගැනීමට ඩොලන්ඩ් ට්‍රම්ප් අපේක්ෂා කරයි.

 Green

    “ඉනුයිට්” ජනතාව
  • ඇමරිකාවට ග්‍රීන්ලන්තය මෙතරම් වැදගත් ඇයි?

ට්‍රම්ප් පරිපාලනය ග්‍රීන්ලන්තය කෙරෙහි ඇස යොමා ඇත්තේ හේතු කිහිපයක් නිසාය:

පළමු වැනින  යුද උපායමාර්ගික පිහිටීමය.  උතුරු ධ්‍රැවයට ආසන්නව පිහිටි ග්‍රීන්ලන්තය, රුසියාව සහ චීනය වැනි බලවතුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හොඳම ස්ථානයයි. දැනටමත් එහි ඇමරිකානු Thule Air Base (දැන් Pituffik Space Base) නමින් දැවැන්ත රේඩාර් සහ අභ්‍යවකාශ මෙහෙයුම් මධ්‍යස්ථානයක් පවතියි.

එමෙන්ම ග්‍රින් ලන්තය සතු අමිල ඛණිජ සම්පතය.  අයිස් තට්ටුවලට යටින් රන්, දියමන්ති, යුරේනියම් සහ විශේෂයෙන්ම නවීන තාක්ෂණික උපකරණ නිපදවීමට අවශ්‍ය “Rare Earth Minerals” (දුර්ලභ පාෂාණ ඛනිජ) පමණක් නොව, ස්වභාවික ගෑස් නිධි විශාල වශයෙන් පවතින බව විශ්වාස කෙරේ. මේ අනුමානයන් ඇමරිකාවේ පිපාසය ඉහළ නන්වා තිබේ.

තවද අනාගත වෙළෙඳ මාර්ග සම්බන්ධ අදහස ද ප්‍රමුඛ වී ඇති අයුරු පෙනේ. ගෝලීය උණුසුම නිසා අයිස් දියවීමත් සමඟ, ආක්ටික් කලාපය හරහා නව වෙළඳ නාවික මාර්ග විවෘත වෙමින් පවතී. මෙහි පාලනය නතු කර ගැනීම ලෝක වෙළඳාමේ බලය අතට ගැනීමකි. ට්‍රම්ප් ගේ අවසාන අභිලාෂය  ඇමරිකානු ආර්ථිකය ශක්තිමත් කිරීමය.

Green

    ග්‍රීන්ලන්තයේ ඛණිජ සම්පත්
  • යුරෝපයේ “යකඩ වැට” සහ මිලර්ගේ “සැබෑ ලෝකය”

ට්‍රම්ප්ගේ තර්ජනාත්මක ස්වරයට එරෙහිව ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ ජර්මනිය ඇතුළු යුරෝපීය බලවතුන් පෙළ ගැසී සිටින්නේ එය “නේටෝ” (NATO) සන්ධානයේ අභ්‍යන්තර බෙදීමක් ලෙස දකිමිනි. පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් පවසන පරිදි, එක් සහචරයෙකු තවත් සහචරයෙකුට තර්ජනය කිරීම නේටෝවේ අර්ථය නැති කරන්නකි.

එහෙත් ධවල මන්දිරයේ ස්ටීවන් මිලර් පවසන්නේ වෙනස් කතාවකි. ඔහු පවසන්නේ ලෝකය පාලනය වන්නේ “ප්‍රජාතන්ත්‍රවාදී සදාචාරයෙන්” නොව “බලයෙන් සහ ශක්තියෙන්” බවය. මෙය වක්‍රව රුසියාවට හෝ චීනයට මෙම භූමිය නතු වීමට පෙර ඇමරිකාව එය අල්ලා ගත යුතු බවට කරන ඉඟියකි.

අවසානයේ දී  අප තේරුම් ගත යුත්තේ  ග්‍රීන්ලන්තය යනු හුදෙක් අයිස් දූපතක් නොවන බවය.  එය 21 වැනි සියවසේ නව “සීතල යුද්ධයේ” කේන්ද්‍රස්ථානයයි. ඩෙන්මාර්කය ඩොලර් බිලියන ගණනින් ආරක්ෂක වියදම් ඉහළ නැංවුවද, ඇමරිකාවේ “ගොඩබිම් පිපාසය” හමුවේ ග්‍රීන්ලන්තයේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම යුරෝපයට දැඩි අභියෝගයක් වනු ඇත.

මේ කෑදර මහල්ලාට මානව සදාචාරයේ  සංස්කෘතික ඉරණම තීරණය කිරීමට ඉඩ දී බලා සිටීම ලෝකය  සිදුකරගන්නා දැවැන්ත ව්‍යසනයක් වනු ඇති බව පමණක් පෙනෙමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කසිප්පු කළ විනාශය… වෙන්නප්පුවේ 05ක් මිය යයි… 07ක් රෝහලේ… එක් අයෙකුට අසාධ්‍යයයි…

Next Post

විකිරණ පරීක්ෂණ සඳහා පිටස්තර විකිරණවේදීන් යොදවා ගන්නා මාලිගාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකට එරෙහිව රජයේ විකිරණවේදීන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි….

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.