බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගම්මන්පිල තෙල් මිල වැඩි කරනකල් ජනපති අගමැති කළේ මොකක්ද? – විපක්ෂ නායකගෙන් ප්‍රශ්න වැලක්

by Lanka Sara Editor
ජූනි 12, 2021
in පුවත්
sajith premadasa
Share on FacebookShare on Twitter

උදය ගම්මන්පිල අමාත්‍යවරයා තමන් හිතූ මනාපෙට තෙල් මිල වැඩි කළ බව පෙන්වා ජනත.ාව ඇන්දවීමට රජය උත්සාහ කරන බවත් රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඉන්ධන මිල වැඩි කිරීමට උදය ගම්මන්පිල බලශක්ති අමාත්‍යවරයා වගකිව යුතු බවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් අද සවස නිකුත් කළ නිවේදනයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය මෙසේය.

ආණ්ඩුව විසින් ගනු ලැබූ තෙල්මිල ඉහළ නැංවීමේ තීන්දුව සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත්කොට තිබේ.ඔහු පවසන්නේ තෙල්මිල වැඩිකිරීම තුලින් ජනතාව පීඩාවට පත්වන බවත්,ඒ පිළිබඳව තම පක්ෂය විරෝධය පලකරන බවත් ය.රටේ සමස්ත ජනතාවගේ ගෙල සිරකොට අනතුරුව එහි වරද එක් අයෙකු පිට පටවා අත සෝදා ගන්නට පොදුජන පෙරමුණේ ලේකම්වරයා නින්දා සහගත උත්සාහයක් ගෙන තිබේ.පැරණි ව්‍යවහාරයේ පවත්නා පරිදි එකක් කඩතොලු මකාගන්නට ගොස් පොදුජන පෙරමුණේ ලේකම්වරයා කඩතොලු රැසක්ම හදාගෙන තිබේ.එමෙන්ම ආණ්ඩුව අබ්‍යන්තරයේ පැසවමින් තිබෙන බරපතල අර්බුධයක ගිනි පුපුරු අදාල නිවේදනය තුළින් පිටතට විසිවී තිබේ.
ඔහුගේ නිවේදනය මොනතරම් හාස්‍යජනක ද කිවහොත් රට පාලනය කරන්නේ තමන්ගේ පක්ෂය ද කියා හෝ ඔහු නොදන්නා ගානය.
මේ මොහොතේ අපට ආණ්ඩුවෙන් සහ පොදුජන පෙරමුණෙන් අසන්නට ප්‍රශ්න රැසක් තිබේ.
1 ආණ්ඩුවට හොරෙන් අදාල තෙල්මිල ඉහළ දැමීමේ තීන්දුව එක අමාත්‍යවරයෙක් විසින් හිතුමනාපයට ගත්තේ කොහොමද?එය එසේනම්, කැබිනට් මණ්ඩල සාමූහිකත්වය උල්ලංඝනය කොට මෙවැනි තීන්දුවක් ගන්නාතුරු ආණ්ඩුවේ ජනාධිපති,අගමැති ඇතුලු පාර්ශව කුමක් කළේද?

2.සාමාන්‍යයෙන් මෙවන් තීන්දු ගනු බලන්නේ කැබිනට් මණඩලය විසින්ද ගනු ලබන තීන්දු ප්‍රකාරව බැවින් අදාල තීන්දුවට එක් අමාත්‍යවරයෙක් චූදිතයෙකු වන්නේ කෙසේද?

2.ජීවන වියදම් පිළිබඳව කැබිනට් අනුකාරක මණ්ඩලය නියෝජනය කරනුයේ ජනාධිපති,අගමැති
,වෙළද ඇමති,කෘෂිකර්ම ඇමති,ව්‍යාපාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති,පාරිභෝගික සේවා රාජ්‍ය ඇමති යන පිරිස් ය. ඔවුන් විසින් තෙල්මිල ඉහළ නංවන බවට ඒ්කමතිකව තීන්දුවක් ගත් බව විෂය භාර අමාත්‍යවරයා පැවසූ අතර එය සත්‍යයෙන් තොරද? එසේනම් අදාල කැබිනට් අනුකාරක සභාව හුදු මනංකල්පිතයක් ද?ඇමතිවරයා සිටින්නේ එම පිරිසටත් ඉහඝින් ද?

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

3. මේ ආණ්ඩුව විසින් මීට පෙර අවස්ථා රැසකදීම ජනතා ද්‍රෝහී තීන්දු තීරණ විශාල ප්‍රමාණයක් ගත් අතර ඒ් සියල්ලේදීම දැඩි නිහඬ පිළිවෙතක් අනුගමනය කළ පොදුජන පෙරමුණ මෙවර හිටි අඩියේ මෙවන් විහිලුසහගත නිවේදනයක් නිකුත් කිරීමෙන් ගම්‍ය වන්නේ ආණ්ඩුව තුළම පවතින දැඩි අර්බුධකාරී ස්වරූපය නොවේද?

මේ රටේ ජනතාවගේ බුද්ධියට නිගා දෙමින් නිකුත් කරනු ලබන මෙවන් නිවේදන තුළින් සිදුවන්නේ ආණ්ඩුවේ දුර්දාන්ත පිළිවෙත ජනතාව ඉදිරියේම නිරුවත් වීම විනා අන් යමක් නොවේ.
තෙල් මිල ඉහළ නැංවීමට ගත් අන්තනෝමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නැති අතර අදාල ගැසට්ටුව ද ‘රිවස්’ කරන්නට ආණ්ඩුවට බලකරන ජනමතයක් දැනටමත් නිර්මාණය වී අවසන් ය.පොහොට්ටුවේ ලේකම්වරයා නිරූපණය කරනුයේ අදාල කටයුත්ත වෙනුවෙන් කසකරුවෙකුගේ භූමිකාව ය.
ආණ්ඩුව මේ වනවිටත් මහජන විශ්වාසය දියකරගෙන ඇති අතර,ආණ්ඩුවේ ප්‍රධානතම පාර්ශවකරු වන පොදුජන පෙරමුණට පවා තමන් ආණ්ඩුකරන බව නොතේරී තිබේ.
වත්මන් ආණ්ඩුව විසින් තුන්බියට හසුවූ විශාලාවක් බවට මේ රට පත්කොට ඇති අතර මේ මොහොතේ ආණ්ඩුව කළ යුත්තේ රට නැවත ගොඩ නැගීමට හැකි කණ්ඩායමකට රට භාර දී ඉල්ලා අස්වීමයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන මිල වැඩි කළේ අගමැතිත් දැනුවත්ව… ගම්මන්පිලගෙන් හෙට උත්තරයක් !

Next Post

ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව නොදීම මානව අයිතීන් උල්ලංඝණයක් – ජ්‍යේෂ්ඨ විද්වතුන් 14ක් රජයට කියති

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.