සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගත වූ වසරේදී සයිබර් වංචා පිළිබඳ පැමිණිලි 12650 ක්…

මාර්ගගත හිරිහැර හා වංචාවල වැඩිවීමක් පිළිබඳව අනතුරු ඇගවීමක් නිකුත් වෙයි!

by editor
ජනවාරි 2, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර්ජාලය හරහා සහ සමාජ මාධ්‍ය අනිසි භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට (ශ්‍රී ලංකා CERT) 2025 දී පැමිණිලි 12650 කට වඩා ලැබී ඇති බවත්,  මෙය පෙර වසර හා සසඳන විට මාර්ගගත වංචා, ඩිජිටල් වංචා සහ සයිබර් හිරිහැරවල සැලකිය යුතු වැඩිවීමක් පෙන්නුම් කිරිමක් බවත් ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදය  සදහන් කරයි. 

ශ්‍රී ලංකා CERT හි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොලට අනුව, පැමිණිලිවලින් සැලකිය යුතු ප්‍රතිශතයක් ව්‍යාජ ගිණුම්, හැක් කරන ලද ගිණුම් සහ සමාජ මාධ්‍ය වේදිකා හරහා සිදු කරන ලද මූල්‍ය වංචා සම්බන්ධයෙන් වේ.

චාරුක දමුණුපොලට  අනුව  වෛරී හෝ අපයෝජන අන්තර්ගතයන් සහ වැඩිහිටියන්ගේ ලිංගික හිරිහැර පිළිබඳ අන්තර්ගතයන් ද පැමිණිලි අතර ඉහළ මට්ටමක පවතී. තවද, පුද්ගලයන්ට සහ සාමාන්‍ය ජනතාවට බලපාන සාමාන්‍ය වංචා සහ අසත්‍ය තොරතුරු බෙදා හැරීමේ කැපී පෙනෙන වැඩිවීමක් ද මෙහි දක්නට ලැබෙන බව ඔහු පැවසීය. පුද්ගලයන් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් අංක, OTP හා  මුරපද සහ QR කේත ආදී පුද්ගලික තොරතුරු ලබාගනිමින් සයිබර් අපරාධකරුවන් මෙලෙස කටයුතු කරන බවද නිරීක්ෂණය වී ඇතැයි එම ආයතනය කියයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි සුදානම් සංසදයට මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

සන්නිවේදනය, වෙළඳාම සහ මූල්‍ය කටයුතු සඳහා ඩිජිටල් වේදිකා ඔස්සේ කටයුතු කිරීම සදහා වැඩිවන විශ්වාසයේ වාසිය ලබා ගැනීම සඳහා සයිබර් අපරාධකරුවන් වඩ වඩාත් නවීන හා වංචනික ක්‍රම භාවිතා කරමින් සිටී. විශේෂයෙන් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්, එනම් අන්තර්ජාල ආරක්ෂණ ක්‍රියා පටිපාටි පිළිබඳව ප්‍රමාණවත් දැනුමක් නොමැති තරුණ තරුණියන්, වැඩිහිටි පරිශීලකයින් සහ පළමු වරට අන්තර්ජාල භාවිතා කරන්නන් මෙවැනි වංචාවන්ට ගොදුරු වන පුද්ගලයන් අතර නිතර දක්නට ලැබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අන්තර්ජාලය තුළ සුපරීක්ෂාකාරීව සිටින ලෙසත්, පුද්ගලික හෝ මූල්‍ය තොරතුරු අන්තර්ජාලය ඔස්සේ බෙදා ගැනීමෙන් වළකින ලෙසත්, සැක සහිත පණිවිඩ සහ සබැඳි සත්‍යාපනය (verify) කරන ලෙසත්, ද්වි-සාධක සත්‍යාපනය (Two factor authentication) සහ ආරක්ෂිත මුරපද වැනි ශක්තිමත් ආරක්ෂක පියවරයන් සක්‍රීය කරන ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ . මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සහ අවම කිරීම පහසු කිරීම සඳහා, සයිබර් සිදුවීම් පිළිබඳව වහාම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) වෙත වාර්තා කරන ලෙස මහජනතාවගෙන් ද ඉල්ලා සිටී.

රට පුරා සයිබර් ප්‍රහාරයන්ට මුහුණ දීමේ හැකියාව, මහජන දැනුවත්භාවය සහ ඩිජිටල් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා, සයිබර් ආරක්ෂණ සිදුවීම් ප්‍රතිචාර සඳහා ජාතික අධිකාරිය වන ශ්‍රී ලංකා CERT, පොලිසිය, නීතිය ක්‍රියාත්මක කරන සංවිධාන, සේවා සපයන්නන් සහ වෙනත් අය සමඟ සමීපව සහයෝගයෙන් කටයුතු කරයි.

සහාය සඳහා හෝ සයිබර් සිදුවීමක් වාර්තා කිරීමට, මහජනතාවට 101 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ශ්‍රී ලංකා CERT ආයතනය ඇමතීමට හෝ [email protected] විද්‍යුත් තැපෑල හරහා එවිය හැක.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දේශපාලනයෙන් ඉවත් වී පිනක් දහමක් කරගෙන හිඳීම වඩාත් සුදුසුයි… මල්වතු අනු නා හිමියෝ  නාමල්ට කියති!

Next Post

ආණ්ඩුව තමන්ගේම වළ තමා විසින්ම කපා ගන්නා හැටි නාමල් කියයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.