ගංජා භාවිතයෙන් සිදුවෙන මානසික හා සෞඛ්‍යමය බලපෑම් සම්බන්ධයෙන් සේම එහි භයානක අනතුරු සම්බන්ධයෙන් ලෝක මානසික සෞඛ්‍යය ආයතනය හා ලංකාවේ මනෝ වෛද්‍ය සංගමය පැහැදිලි කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (06) පාර්ලිමේන්තුව අමතමින් පැවසූහ.
ශ්‍රී ලංකා රජය ගංජා වැවීම, ළඟ තබා ගැනීම, ප්‍රචාරය කිරීම තහනම් කර තිබියදී පාර්ලිමේන්තුව තුළම එය ප්‍රචාරය කරන බවත්, මෙය අන්තරායාකාර ඖෂධයක් ලෙස හඳුන්වා තිබියදී වාණිජ ලෙස වැවීමට තීරණය කර ඇති බව ද උන්වහන්සේ පැවසූහ.
සෘජු ආහාරයක් නොවන නිස ගංජා වාණිජ ලෙස වැවීමේදී වල්නාශක, රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් භාවිතා කරන බවත්, දුම්කොළ වැවීමේදී සේම ගංජා වැවූ පසුවද පසට හානි වෙන වී ජෛව ජනන ගැටලුරැසක් මතු වෙන බවත් උන්වහන්සේ විසින් පැහැදිලි කරන ලදී.
“රටවල් කීපයක විතරයි ගංජා වවන්න අවසර දීලා තියෙන්නේ.. ඒ රටවලත් ආර්ථික තත්ත්වය කොහොම වුණත් සංස්කෘතික වශයෙන් විශාල විනාශයක් වෙලා තියෙනවා. මෙය ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී රෝග තුනකට පමණක් බෙහෙතක් විදියට භාවිතා කරද්දී බටහිර වෛද්‍ය විද්‍යාවේ අපස්මාරය ඉතා අසාධ්‍ය තත්ත්වයට පත් වූ විට පමණක් භාවිතා කරනවා. “
“ගංජා වැවීම කරනවා නම් නාවින්න ඖෂධ නිෂ්පාදනායතනය, යක්කල වික්‍රමාරච්චි වගේ ඒවට විතරක් අවසර දීලා ඒ අධීක්ෂණය යටතේ පමණක් කටයුතු සිද්ද වෙන්න ඕනේ..”
සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ප්‍රශ්නාවලියක් උන්වහන්සේ විසින් ඉදිරිපත් කරන ලදී.







