දැනට රටපුරා පවතින විදුලි කප්පාදුව පැය 2කින් අඩුකර ගැනීමට IOC සමාගමෙන් ඩීසල් මෙට්රික් ටොන් 6,000ක් ලබා ගැනීමට රජය සැලසුම් කර ඇත.
ඒ අනුව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අදාළ ඉන්ධන තොගය මිලදී ගැනීමට නියමිත බව විදුලිබල මණ්ඩලය සදහන් කරයි
අද රාත්රී 11 පමණ වන විට එම ඉන්ධන තොගය විදුලිබල මණ්ඩලය වෙත ලබා දීමටත් ඒ අනුව හෙට දිනයේ සිට විදුලි කප්පාදුව පැය 02කින් පමණ අඩුකර ගැනීමටත් පියවර ගෙන ඇතැයිද ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි.
විදුලි කප්පාදුව අද (31) දිනයේදී පැය 13ක් ක්රියාත්මක වන අතර එය ඉදිරියේදී පැය 15ක් දක්වා වර්දනය විය හැකි බව විදුලිබල වෘත්තිය සමිති පවසා තිබිණි.