සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 25ක් වටිනා අධිබල යතුරු පැදි ගෙන්වා ඇත්තේ කුරුළු කෑම බහාලුම්වල සඟවලා… හම්බන්තොට කුරුළු උයන කළමණකාරු සහ ගබඩා පාලක අත් අඩංගුවට…

by editor
ජූලි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

රුපියල් කෝටි 25ක් වටිනා අධි ධාරිතා යතුරු පැදි ඇතුළුව යතුරු පැදි 21ක් මෙරටට ගෙන්වා ඇත්තේ කුරුළු කෑම රටට ගෙන්වන මුවාවෙන් එම බහාලුම්වල සඟවා බව මූලික විමර්ශනවල දී හෙළි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හම්බන්තොට කුරුළු උයනේ කළමණාකරු හා ගබඩා පාලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හම්බන්තොට කුරුළු උයනේ කළමණාකරු හා ගබඩා පාලක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් කිහිප දෙනෙකු අත් අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

එම යතුරුපැදි 21 හම්බන්තොට කුරුළු උයන පරිශ්‍රයේ ඉතා රහසිගතව සඟවා තිබිය දී කොළඹ පොලිස් මධ්‍යම විමර්ෂණ කාර්යංශයේ නිළධාරීන් විසින් ඊයේ අත් අඩංගුවට ගෙන තිබිණි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

කුරුළු කෑම ගෙන්වන මුවාවෙන් අධි ධාරිතා යතුරු පැදි ගෙන්වා හම්බන්තොට කුරුළු උයනේ ගබඩාවක සගවා ඇති බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරියට ලැබුණු පුද්ගලික තොරතුරකට අනුව පොලිස් මධ්‍යම විමර්ශන කාර්යංශයේ නිළධාරීන් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

එම යතුරු පැදි අතරින් යතුරු පැදි 13ක්ම එනජින් අධි ධාරිතා යතුරුපැදි බවද අනාවරණය වි තිබේ. ඒ අතර ඇමරිකාවේ නිශ්පාදිත අශ්ව බල 1000 ප්‍රමාණයේ යතුරු පැදි 08ක් හා එම ධාරිතාවේම ට්‍රයිසිකල් 04ක්ද, චීනයේ නිශ්පාදිත ට්‍රයිසිකලයක්ද තිබූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් යතුරු පැදි අතර, හොන්ඩා වර්ගයේ ස්කූටර් 03ක්ද, හොන්ඩා අශ්ව බල 90 වර්ගයේ යතුරු පැදි 05ක්ද තිබී ඇත.

අත්අඩංගුවට පත් අධි ධාරිතා යතුරු පැදියක තීරු බදු සහිත වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ බව විමර්ශන අංශ අනාවරණය කරයි.

වැටලීමෙන් අත්අඩංගුවට පත් යතුරු පැදි 21 හා සැකකරුවන් දෙදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විරසූරියගේ උපදෙස් මත පොලිස් මධ්‍යම විමර්ෂණ කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුගේ අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරී කමල් ආරියවංශ ඇතුළු නිළධාරින් පිරිසක් විසින් වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෛද්‍යවරයෙකුට පහරදී තුවාල සිදුකිරීමට එරෙහිව ඇති වූ විරෝධතාවයක් නිසා දඹාන රෝහල වැසේ!

Next Post

පාසල් ළමුන් ඉලක්ක කර අලෙවි කරන කෝටි 03ක මත් පෙති පේසාලේ දී අත් අඩංගුවට…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.