ශ්‍රියානි විජේසිංහ –
දඹාන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට පහර දී තුවාල සිදුකිරීම හේතුවෙන් එම රෝහලේ වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්යය මණ්ඩලයට ආරක්ෂාව ලබා දෙන තෙක් රෝහල වසා දැමීමට පියර ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.
හදිසි අනතුරකට පත්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ පුද්ගලයෙකුට වැඩිදුර ප්‍රතිකාර ලබා දිමට මයියංගන රෝහල වෙත රැගෙන යාමට ගිලන්රථය පැමිණෙන තුරු බලා සිටියා යැයි උරන වූ රෝගියාගේ ඥාතීහු රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයාට පහර දී තුවාල සිදුකර ඇතැයි වාර්තා වේ.
ලංකාසර මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂගෙන් කළ විමසුමක දී ඔහු සඳහන් කළේ හදිසි අනතුරකට පත්වූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා දඹාන රෝහලට රැගෙන ආ මොහොතේදී ඔහුව මයියංගන රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන යාමට රෝහලේ ගිලන්රථ රියදුරා නිවාඩු ගොස් සිටි බැවින් වෙනත් රෝහලකින් ගිලන්රථයක් පැමිණෙන තෙක් බලා සිටි වෛද්‍යවරයාට පහර දී තුවාල සිදුකර ඇති බවයි.
රෝහල්වල බෙහෙත් ශල්‍ය උපකරණ නොමැතිව රෝගී සත්කාර සේවාවන් ඉතා අපහසුවෙන් පවත්වාගෙන යන වෛද්‍යවරුන් ට ජනතාව සලකන්නේ මෙසේ නම් වහාම වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආරක්ෂාව ලබා දිය යුතු බව හෙතෙම පෙන්වා දේ.
වෛද්‍යවරයාට පහර දුන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාතමක කළද රෝහලේ ආරක්ෂාව තහවුරු කරන තෙක් රෝහල් ප්‍රතිකාර සේවාවන් නතර කර අතැයි වාර්තාවේ.







