සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෝටි 160ක් වංචා කර මිනිස්සුන්ට ගිනි දුන්න අඹු සැමි යුවල රිමාන්ඩ්!

by editor
දෙසැම්බර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 160කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹු සැමි යුවල ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  බණ්ඩාර ඉලංගසිංහ අද(27) නියෝග කළේය.

කොළඹ කොටුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් විවෘත වරෙන්තු අටක් හා රතු වරෙන්තු ලබා ඉන්දියාවේ වෙරළ ආරක්ෂක පොලිසියේ අත්අඩංගුවට පත්ව මෙරට පිටුවහල් කර ඇති අහමඩ් ශරීප් මොහොමඩ් ශිහාබ් හා ඔහුගේ බිරිඳ වන ප්‍රාතිමා පර්ෂානා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයද සහිතව මිත්තණියට භාර දෙන ලෙසටද නියෝග කළේය.

පෙරේදා(26) දින ගුවන්තොටුපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් සැකකරුවන් ඊයේ රහස් පොලිසිය මගින් මහේස්ත්‍රාත්වරයා හමුවට යොමු කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සැකකරුවන් 2021 වසරේ මෙරටින් පලා ගොස් ඇති බවය.

සැකකරුවන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් වංචා නඩු අටක් පවතින බවත්,එම අධිකරණයෙන් හා සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරන දිවයිනේ සෙසු අධිකරණවලින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවද සඳහන් කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ධීකරණ පනත ප්‍රකාරව පැමිණිල්ලක් විභාග කරන බවත් එම පැමිණිල්ල අපරාධ නඩු විධාන සංග්‍රහයේ 192 වගන්තිය යටතේ විත්තිකරුවන් නොමැතිව විමර්ශනය සිදු කරන බවත් පෙන්වා දුන්නේය.ග්ලෝබල් නමැති පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් ජනතා මුදල් කෝටි ගණනින් බාරගෙන වංචා කිරීමට එරෙහිව හා නීති විරෝධී අයුරින් මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රුචිර දේවප්‍රිය මහතා පෙනී සිටි අතර සැකකරුවන් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතු හෙයින් ,බාල වයස්කාර දරුවා මිත්තනියට භාරගත හැකි බව සඳහන් කළේය.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන හයවෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය. ( රෝෂන් තුෂාර – ලංකාදීප )

Share69Tweet43
Previous Post

සංචාරකයන් රැගත් යුරෝපියන් ගුවන් සමාගමුත් මත්තලින් දිවයිනට එයි.පළමු ගුවන් යානය මත්තලට සංචාරකයන් 180ක්සමග එයි.

Next Post

මෝල් කලන්තේ හැදුන තවත් පාර්ලිමේන්තු කුපාඩින් රොත්තක් ගැන සේවිකාවන් පිරිසකගෙන් කථානායකට පැමිණිල්ලක්…

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.